ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ දේපොළ සංවර්ධන හා ඉඩම් ආයෝජන සමාගමක් වන Pitch Capital Properties පෞද්ගලික සමාගම, Global Laurel Excellence Awards 2026 සම්මාන උළෙලේදී සම්මාන ත්‍රිත්වයක් දිනා ගනිමින් සිය විශිෂ්ටත්වය යළිත් තහවුරු කර තිබේ.
සමාගම Most Trusted Land Developer Award 2026, Outstanding Real Estate Investment Solutions Award 2026 සහ Sri Lanka Property Excellence Award 2026 යන සම්මාන තුනෙන් පිදුම් ලැබූ අතර, ඉඩම් සංවර්ධනය, නව්‍ය දේපොළ ආයෝජන විසඳුම්, පාරිභෝගික විශ්වාසය ගොඩනැගීම සහ වෘත්තීයමය සේවා ප්රමිතීන් පවත්වාගෙන යාම සඳහා කළ කැපවීම මෙම සම්මාන මගින් ඇගයීමට ලක් විය.
සමාගමේ වර්ධනයේ ප්‍රධාන අංශයක් ලෙස සංචාරක කර්මාන්තය ඉලක්ක කරගත් ඉඩම් සංවර්ධන ව්‍යාපෘති කැපී පෙනේ. මේ වන විට දෙවුන්දර, හිරිකැටිය සහ මිදිගම වැනි ජනප්‍රිය වෙරළබඩ සංචාරක ගමනාන්තවල සංචාරක ඉඩම් ව්‍යාපෘති ක්‍රියාත්මක කරන Pitch Capital Properties, සිය නවතම සංචාරක ඉඩම් ව්‍යාපෘතිය අරුගම්බේ ප්‍රදේශයේ ආරම්භ කර තිබේ.
මෙම ප්‍රදේශ බුටික් හෝටල්, නිවාඩු නිකේතන, විලා, ආපනශාලා, සර්ෆින් ආශ්රිත ව්‍යාපාර සහ අනෙකුත් ආගන්තුක සත්කාරක ව්‍යාපාර සඳහා ඉහළ ආයෝජන විභවයක් සහිත සංචාරක කේන්ද්‍ර ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇත. සංචාරක කර්මාන්තයේ අඛණ්ඩ වර්ධනයත් සමඟ මෙම ප්‍රදේශවල ඉඩම්වල වටිනාකම දිගුකාලීනව ඉහළ යනු ඇතැයි සමාගම විශ්වාසය පළ කරයි.
මෙම ජයග්‍රහණ පිළිබඳ අදහස් දක්වමින් කළමනාකාර අධ්යක්ෂ සුගත් විතානගේ මහතා සඳහන් කළේ, මෙම සම්මාන ත්‍රිත්වය සමාගම කෙරෙහි පාරිභෝගිකයන්, ආයෝජකයන්, ව්‍යාපාර හවුල්කරුවන් සහ අනෙකුත් පාර්ශ්ව තබා ඇති විශ්වාසය පිළිබඳ ප්‍රබල පිළිගැනීමක් බවයි.
Global Laurel Excellence Awards යනු ගුණාත්මකභාවය, නව්‍යකරණය, පාරිභෝගික සේවාව සහ කර්මාන්ත නායකත්වය තුළ විශිෂ්ටත්වය දක්වන ආයතන සහ ව්‍යාපාර නායකයන් ඇගයීමට ලක් කරන ජාත්‍යන්තර සම්මාන වේදිකාවකි. 2026 සම්මාන උළෙලේදී සම්මාන තුනක් දිනා ගැනීම Pitch Capital Properties සමාගමේ වර්ධන ගමන්මඟේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකේ.
ඉදිරියේදී සංචාරක හා නේවාසික ඉඩම් සංවර්ධන ව්‍යාපෘති තවදුරටත් පුළුල් කරමින්, ශ්‍රී ලංකාවේ නව ආයෝජන ගමනාන්ත හඳුනාගෙන ආරක්ෂිත, වටිනාකම් සහිත සහ දිගුකාලීන ප්රතිලාභ ලබාදෙන දේපොළ ආයෝජන අවස්ථා නිර්මාණය කිරීම සමාගමේ ඉලක්කය බව Pitch Capital Properties වැඩිදුරටත් සඳහන් කළේය.
Latest News
ගිලා බැසීමේ අවදානමක්: නාවලපිටිය - ගිනිගත්හේන පාර තාවකාලිකව වැසේ
මහර බන්ධනාගාර අර්බුදයේ වගකීම භාරගෙන අධිකරණ අමාත්‍යවරයා වහා ඉල්ලා අස්විය යුතුයි! - ෆ්‍රී ලෝයර්ස්
හැටන් නිවසකට පස් කන්දක් කඩා වැටී කාන්තාවක් මරුට
කොළඹ කොටස් වෙළඳපොළ මිල දර්ශකය පහළට
ඉදිරි පැය 36 තුළ දිස්ත්‍රික් කිහිපයකට තද වැසි
කැලණි නිම්නයේ පහත්බිම් රැසකට ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර අවදානමක්
පාස්කු ප්‍රහාර විමර්ශනට අදාලව අත්අඩංගුවට ගැනීම වැළැක්වීම ගැන ගෝඨාභයගේ රිට් පෙත්සමේ තීන්දුව සැප්තැම්බර් 22
පැයක් ඇතුළත දඹුල්ලේ අනතුරු තුනක්
අයහපත් කාලගුණය හෙට දහවල් අඩුවේ: ටයිෆූන් බලපෑමෙන් 06 වැනිදා සිට නැවතත් වැසි
Melwa Challenge Trophy දිවයින පුරා ඇරඹෙයි