ඉදිරි වසර පහ ඇතුළත සාගරික තෙල් සහ ස්වාභාවික ගෑස් ගවේෂණ කටයුතු වේගවත් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 8.8ක ආයෝජන වැඩසටහනකට ඉන්දියානු රජයේ අනුමැතිය හිමිවී තිබෙනවා.
2030-31 මුදල් වසර අවසන් වන තෙක් ක්‍රියාත්මක වන මෙම 'ජාතික සාගරික ගවේෂණ යෝජනා ක්‍රමය' හරහා, එරට තෙල් සංචිත වෙත සොයාගත හැකි තෙල් ලීටර් මෙට්‍රික් ටොන් මිලියන 600කට අධික ප්‍රමාණයක් අලුතින් එකතු කිරීම වේගවත් කිරීමට අපේක්ෂිතයි.
මෙම වැඩසටහන මගින් භූකම්පන සමීක්ෂණ, දත්ත සැකසීම සහ විශ්ලේෂණය මෙන්ම ගැඹුරු සහ අති-ගැඹුරු මුහුදු සීමාවන්හි ගවේෂණාත්මක විදීම් කටයුතු සඳහා ප්‍රතිපාදන වෙන් කෙරෙනු ඇත. ඊට අමතරව, මායිම් ද්‍රෝණිවල විද්‍යාත්මක විදීම්, හවුල් සාගරික නිෂ්පාදන සහ ප්‍රවාහන යටිතල පහසුකම් සංවර්ධනය සහ ඒකාබද්ධ තෙල් හා ගෑස් නිෂ්පාදන සහ සේවා කලාපයක් ස්ථාපනය කිරීමට ද මෙයින් සහාය හිමිවෙනවා.
මෙම යෝජනා ක්‍රමය මගින් තෙල් ගවේෂණ සහ නිෂ්පාදන සැපයුම් දාමය පුරා ආයෝජන දිරිගැන්වීම, සමාගම් සඳහා දිගුකාලීන අවස්ථාවන් නිර්මාණය කිරීම සහ දේශීය තාක්ෂණික හැකියාවන් ශක්තිමත් කිරීම සිදුවන බව රජය පවසනවා.
පසුගිය දශකය තුළ ඉන්දියාව සිය සාගරික කලාපයන්ගෙන් බහුතරයක් ගවේෂණ කටයුතු සඳහා විවෘත කර ඇති අතර, ඊට අදාළ නීතිමය සහ කොන්ත්‍රාත්තු රාමුව යාවත්කාලීන කිරීමටත්, ජාතික දත්ත ගබඩාව පුළුල් කිරීමටත් පියවර ගෙන තිබෙනවා.
මෙම නවතම පියවර ඉන්දියාවේ විදේශීය බලශක්ති මත යැපීම අවම කිරීම සඳහා දරන උත්සාහයේ තවත් එක් අදියරක්.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් පසුගිය වසරේ අගෝස්තු මාසයේදී පැවැත්වූ විශේෂ දේශනයකදී මෙම සාගරික ගවේෂණ මෙහෙයුම පිළිබඳව මුලින්ම අනාවරණය කරනු ලැබුවා.

Latest News
ආසියානු කුසලාන කාන්තා 20/20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
Local
13 August 2026
ඉබෝලා ඉතිහාසයේ දරුණුතම වසංගතයක් වීමේ අවදානමක්
Local
13 August 2026
''මම යන්න ලෑස්ති මිනිහෙක්.. මම මේවායේ වාඩිවෙන්න බලාගෙන ආපු මිනිහෙක් නෙවෙයි'' - ජනපති
Local
13 August 2026
කල් ඉකුත් වූ භාණ්ඩ භාවිතා කරමින් හිස සම්භාහනය සහ හිසකෙස් සැකසුම් කළ දෙහිවල රූපලාවණ්‍ය ආයතනයක හිමිකරුවෙක් දැලේ
Local
13 August 2026
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 9ක් සහ යාත්‍රාවක් නාවික හමුදා භාරයට
Local
13 August 2026
ගෙවීමේ ක්‍රමයට නිවාස සාදා දෙන බව පවසා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට
Local
13 August 2026
අදත් වාසිය රුපියලට ඩොලරයේ විකුණුම් මිල අද 338.57
Local
13 August 2026
ඊශ්‍රායල් රැකියා ජාවාරමක නිරත වූ හිටපු පීසී ඇතුළු දෙදෙනෙක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදීම අත්අඩංගුවට
Local
13 August 2026
වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින මුවෙකුගේ ජිවිතය උදුරා ගත් දෙදෙනෙක් කොටු
Local
13 August 2026
පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න අල්ලස් කොමිසමට පැමිණෙයි
Local
13 August 2026