බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ හැරී කුමරුගේ බිරිඳ වන මේගන් මාකෙල්ට ඇඳුමක් සොරකම් කිරීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.
ඒ ඇය 2022 දී Variety සඟරාවේ කවරය සඳහා ඇඳ සිටි ඇඳුමක් ඇතුළුව, ඡායාරූප රූගත කිරීමෙන් පසු නිර්මාණකරුවන්ගේ භාණ්ඩ ආපසු ලබා නොදුන් බවට වන චෝදනාවයි.
මෙම චෝදනා ඉස්මතු වූයේ 2024 දී, වැනෙසා ග්‍රිගෝරියාඩිස් නම් මාධ්‍යවේදිනිය ඇන්ඩෘ ගෝල්ඩ්ගේ “Heretics” පොඩ්කාස්ට් වැඩසටහනේදී මාකෙල් විසින් ඉහළ පෙළේ ඡායාරූප රූගත කිරීමකදී ඇඳ තිබූ බොහෝ දේවල් ආපසු ලබා නොදුන් බව හෙළි කිරීමත් සමඟයි.
මෙම ප්රවෘත්ති වාර්තාවේ කේන්ද්‍රස්ථානය වී ඇත්තේ $1,695 වටිනා නිර්මාණකරුවන්ගේ එමරල්ඩ් ග්‍රීන් ගැල්වන් “Ushuaia” නම් එක් උරහිසක් ඇති මිල අධික ගවුමයි.
මාකෙල් මෙම ගවුම 2022 දී Variety කවරය සඳහා ඇඳ සිටියා.
මෑතකදී, මාක්ල් විසින් ඇයගේ ඉදිරි Netflix නිවාඩු විශේෂ වැඩසටහන වන “With Love, Meghan: Holiday Celebration” සඳහා නිකුත් කරන ලද ප්‍රවර්ධන වීඩියෝවකදීද එම ගවුමම (Galvan “Ushuaia” ඇඳුම) ඇඳ සිටිනු දක්නට ලැබුණා.
මෙම විශේෂ වැඩසටහන දෙසැම්බර් 3 වැනිදා නිකුත් වීමට නියමිතයි.
ද නිව්යෝර්ක් ටයිම්ස් සඟරාව සහVanity Fair හි ලේඛිකාවක් වන ග්‍රිගෝරියාඩිස්, මෙම චෝදනා ගැන පුදුමය පළ කළා.
ඇය ප්‍රකාශ කළේ, මොන්ටෙසිටෝ හි මිලියන 100 ක ගනුදෙනු ඇති කෙනෙකුට තමන්ට පැහැදිලිවම මිලදී ගැනීමට හැකි ඡායාරූප රූගත කිරීමකින් ආභරණ සහ ඇඳුම් කිහිපයක් ගෙදර ගෙන යාමට තරම් උනන්දුවක් තිබීම කම්පනයට කරුණක් බවයි.
මේගන් මාක්ල්ගේ නියෝජිතයාගෙන් අදහස් විමසීමක් ඉල්ලා සිටියද, ප්‍රතිචාරයක් ලැබී නැහැ.
%MCEPASTEBIN%
Latest News
හරක් කටා ඇතුළු විත්තිකරුවන්ගේ නඩුවට අදාළව නීතිපති අභියාචනයක් ගොනු කරයි
Local
20 August 2026
අවාරයේ ශ්‍රී පාද සංචාරයක් සදහා පිරිසක් පැමිණි මෝටර් රථයක් මෝහිණි ඇළට පෙරළෙයි
Local
20 August 2026
සෙත්සිරිපාය අදියර IIIහි ඉතිරි ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීමට අනුමැතිය
Local
20 August 2026
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ හමුව කල් දමන ලෙස නීතිඥ සංගමයෙන් ඉල්ලීමක් : පක්ෂ - විපක්ෂ සහභාගීත්වය අවශ්‍යයි
Local
20 August 2026
ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට පැමිණෙයි
Local
20 August 2026
කරන්නාගොඩට සහ යෝෂිතට අධි චෝදනා භාරදෙයි
Local
20 August 2026
දෙල්ගොඩ අනතුරකින් තිදෙනෙකුට දිවි අහිමි වෙයි
Local
20 August 2026
ශිරාන් බාසික්ගේ සියලු බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට නියෝග
Local
20 August 2026
මහජන පරීක්ෂකවරු ඩෙංගු රාජකාරිවලින් ඉවත් වෙයි: හෙට සංකේත වර්ජනයක්
Local
20 August 2026
අමෙරිකාවේ ණය බර ඩොලර් ට්‍රිලියන 40 ඉක්මවයි
Local
20 August 2026