Entertainment25 November 2025

මේගන්ගේ ඇඳුම් හොරකමක් හෙළිවෙයි


බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ හැරී කුමරුගේ බිරිඳ වන මේගන් මාකෙල්ට ඇඳුමක් සොරකම් කිරීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

ඒ ඇය 2022 දී Variety සඟරාවේ කවරය සඳහා ඇඳ සිටි ඇඳුමක් ඇතුළුව, ඡායාරූප රූගත කිරීමෙන් පසු නිර්මාණකරුවන්ගේ භාණ්ඩ ආපසු ලබා නොදුන් බවට වන චෝදනාවයි.

මෙම චෝදනා ඉස්මතු වූයේ 2024 දී, වැනෙසා ග්‍රිගෝරියාඩිස් නම් මාධ්‍යවේදිනිය ඇන්ඩෘ ගෝල්ඩ්ගේ “Heretics” පොඩ්කාස්ට් වැඩසටහනේදී මාකෙල් විසින් ඉහළ පෙළේ ඡායාරූප රූගත කිරීමකදී ඇඳ තිබූ බොහෝ දේවල් ආපසු ලබා නොදුන් බව හෙළි කිරීමත් සමඟයි.

මෙම ප්‍රවෘත්ති වාර්තාවේ කේන්ද්‍රස්ථානය වී ඇත්තේ $1,695 වටිනා නිර්මාණකරුවන්ගේ එමරල්ඩ් ග්‍රීන් ගැල්වන් “Ushuaia” නම් එක් උරහිසක් ඇති මිල අධික ගවුමයි.

මාකෙල් මෙම ගවුම 2022 දී Variety කවරය සඳහා ඇඳ සිටියා.

මෑතකදී, මාක්ල් විසින් ඇයගේ ඉදිරි Netflix නිවාඩු විශේෂ වැඩසටහන වන “With Love, Meghan: Holiday Celebration” සඳහා නිකුත් කරන ලද ප්‍රවර්ධන වීඩියෝවකදීද එම ගවුමම (Galvan “Ushuaia” ඇඳුම) ඇඳ සිටිනු දක්නට ලැබුණා.

මෙම විශේෂ වැඩසටහන දෙසැම්බර් 3 වැනිදා නිකුත් වීමට නියමිතයි.

ද නිව්යෝර්ක් ටයිම්ස් සඟරාව සහVanity Fair හි ලේඛිකාවක් වන ග්‍රිගෝරියාඩිස්, මෙම චෝදනා ගැන පුදුමය පළ කළා.

ඇය ප්‍රකාශ කළේ, මොන්ටෙසිටෝ හි මිලියන 100 ක ගනුදෙනු ඇති කෙනෙකුට තමන්ට පැහැදිලිවම මිලදී ගැනීමට හැකි ඡායාරූප රූගත කිරීමකින් ආභරණ සහ ඇඳුම් කිහිපයක් ගෙදර ගෙන යාමට තරම් උනන්දුවක් තිබීම කම්පනයට කරුණක් බවයි.

මේගන් මාක්ල්ගේ නියෝජිතයාගෙන් අදහස් විමසීමක් ඉල්ලා සිටියද, ප්‍රතිචාරයක් ලැබී නැහැ.

%MCEPASTEBIN%
Related recommendation
Hiru TV News | Programmes