ශ්‍රී ලංකාවේ ප්‍රවීණ චිත්‍රශිල්පියෙකු වූ අභාවප්‍රාප්ත ජයන්ත ප්‍රේමචන්ද්‍ර මහතා සිහිපත් කිරීමේ අරමුණින්, ITC Ratnadipa සහ ජයන්ත ප්‍රේමචන්ද්‍ර පදනමේ සහයෝගයෙන් “The Art & Life of Jayantha Premachandra” නමින් අතීතාවර්ජන කලා ප්‍රදර්ශනයක් අප්‍රේල් 23 සිට 25 දක්වා කොළඹ ITC Ratnadipa හි Kathanayake Lounge පරිශ්‍රයේ දී පෙ.ව. 10.00 සිට ප.ව. 8.00 දක්වා මහජනතාව සඳහා විවෘතව පැවැත්වේ.
කිසිදු අය කිරීමකින් තොරව පැවැත්වෙන මෙම කලා ප්‍රදර්ශනය තුළින් කලාකාමී සහෘදයින්ට මෙන්ම පාසල් සිසු දරුවන්ට ද ජයන්ත ප්‍රේමචන්ද්‍රයන්ගේ දුර්ලභ හා වැදගත් නිර්මාණ රැසක් දැකබලා ගැනීමට අවස්ථාව හිමි වේ.
මෙම ප්‍රදර්ශනය මඟින් ප්‍රේමචන්ද්‍රයන්ගේ ගැඹුරු මානව දෘෂ්ටිකෝණය සහ සුවිශේෂී කලාත්මක ශෛලිය ඉස්මතු කෙරේ. දයානුකම්පාව, මනුෂ්‍යත්වය සහ නිදහස වැනි විශ්වීය තේමාවන් ගවේෂණය කරන ඔහුගේ කලා නිර්මාණ, ශ්‍රී ලංකාවේ එදිනෙදා ජීවන රටාවන් අපූර්ව ලෙස නිරූපණය කරයි.
1950 සහ 1980 දශකයන් අතර යුරෝපය, එක්සත් රාජධානිය, ස්කැන්ඩිනේවියාව, හිටපු සෝවියට් සංගමය, මැදපෙරදිග සහ ආසියාව පුරා පැවැති ඒක පුද්ගල ප්‍රදර්ශන 45ක් හරහා ඔහුගේ කලා නිර්මාණ ජාත්‍යන්තර පිළිගැනීමක් හිමි කරගෙන ඇති අතර, ඒ ඔස්සේ ශ්‍රී ලාංකේය කලාව ගෝලීය ප්‍රේක්ෂකයන් වෙත සමීප කිරීමට ද ඔහු සමත් විය.
මෙවර ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වෙන සංවාදමය වැඩසටහන් සහ වැඩමුළු මාලාවක් හරහා ජයන්ත ප්‍රේමචන්ද්‍රයන්ගේ ජීවිත කතාව සහ ඔහුගේ ශිල්පීය තාක්ෂණය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමට මහජනතාවට අවස්ථාව හිමි වේ.
ITC Ratnadipa හි ශ්‍රී ලංකා කලාපීය කළමනාකරු සහ සාමාන්‍යාධිකාරී කීනන් මැකෙන්සි මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ කලාත්මක උරුමයන් සිහිපත් කිරීම ITC Ratnadipa හි අනන්‍යතාවයේ ප්‍රධාන අංගයක් බවයි. ITC Ratnadipa නිරන්තරයෙන් දේශීය කලාකරුවන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කිරීම සඳහා නිර්මාණාත්මක ප්‍රජාවන් සමඟ ක්‍රියාකාරීව සම්බන්ධව කටයුතු කරන බවත් ඔහු අවධාරණය කළේය.
ජාත්‍යන්තර වශයෙන් පිළිගත් කලාකරුවෙකුට ගෞරව දැක්වීම සඳහා ජයන්ත ප්‍රේමචන්ද්‍ර පදනම සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් පියවරක් බව පැවසූ ඔහු, අනාගත පරපුරේ දක්ෂතා දිරිගැන්වීමට වේදිකාවක් නිර්මාණය කිරීමට ලැබීම සම්බන්ධයෙන් ආඩම්බර වන බවද සඳහන් කළේය.
ජයන්ත ප්‍රේමචන්ද්‍ර පදනමේ සභාපතිනි නිලංකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙසේ පැවසුවාය: “ITC Ratnadipa සමඟ ඇති කරගත් සහයෝගීතාවය මඟින් ජයන්ත ප්‍රේමචන්ද්‍රයන්ගේ කලාත්මක දැක්ම සිහිපත් කිරීමට වටිනා වේදිකාවක් නිර්මාණය වේ. මෙම ප්‍රදර්ශනය තුළින් ඔහුගේ කලාත්මක හැකියාවන් සහ මානව අත්දැකීම් ගවේෂණය කිරීමට ප්‍රේක්ෂකයන්ට වැදගත් අවකාශයක් සපයයි. එමෙන්ම මෙහි පැවැත්වෙන වැඩමුළු සහ සංවාද මඟින් නිර්මාණශීලීත්වය පෝෂණය කරමින් අනාගත පරපුර කලාව සමඟ සම්බන්ධ කිරීමට හැකියාව ලැබේ.”
Latest News
බාල වයස්කරුවන්ගේ උපාංගවලින් නිරුවත් දර්ශන තහනම් කරන්න: බ්‍රිතාන්‍ය අගමැතිගෙන් ඇපල් සහ ගූගල් වෙත දැඩි නියෝගයක්
සවුත්හැම්ප්ටන් වරායේ ප්‍රබල ගින්නක්: ඩොලර් මිලියනයකට වඩා වටිනා හයිබ්‍රිඩ් මෝටර් රථ රැසක් විනාශයි
දිවයිනේ ප්‍රදේශ රැසකට විටින් විට වැසි සහ තද සුළං
ට්‍රම්ප් පැනවූ ඩොලර් ලක්ෂයේ H-1B වීසා ගාස්තුව අමෙරිකානු අධිකරණයකින් අවලංගු කරයි
ශ්‍රී ලංකා - කොදෙව් තෙවැනි එක්දින තරගයත් වර්ෂාව නිසා අත්හැර දමයි : පළමු තරගය ජයගත් ශ්‍රී ලංකාවට 1-0 ක තරගාවලි ජයක්
ශ්‍රී ලංකා - කොදෙව් තෙවැනි එක්දින තරගයේත් කාසියේ වාසිය ප්‍රමාදයි
මෝල්ටාව අසලදී සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් පෙරළෙයි: 10 දෙනෙකු ජීවිතක්ෂයට
ජපානයේ වලස් භීතිකාවක්: පාසල් 94ක් තාවකාලිකව වසා දමයි!
භූතානයට දරුණු පරාජයක් අත්කරමින් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට අතිවිශිෂ්ට ජයක්!
ඉබෝලා ව්‍යාප්තිය නිසා කොංගෝව දැඩි අර්බුදයක