Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව Google Photos වෙත Backup කිරීමේ පහසුකම අද (10) දින සිට ක්‍රියාත්මක නොවන බව Google සමාගම පවසනවා.
Backup මෙවලම් භාවිතය වඩාත් සරල කිරීම සහ Photos ඇප් එක හරහාම සෘජුවම ඡායාරූප කළමනාකරණයට අවස්ථාව ලබාදීම මෙම තීරණයට හේතු වී තිබෙනවා.
එහිදී,අද සිට Google Drive ඩෙස්ක්ටොප් ඇප් එක හරහා පරිගණකයේ ඇති Folders, Google Photos වෙත ස්වයංක්‍රීයව එක්වීම සම්පූර්ණයෙන්ම නතර කෙරෙනු ඇති අතර, අද දිනයට පෙර Google Photos වෙත Backup කරන ලද කිසිදු ඡායාරූපයක් හෝ වීඩියෝවක් ඉවත් නොවන අතර ඒවා Google Photos තුළ සුරක්ෂිතව පවතිනු ඇති.
එමෙන්ම ගූගල් සමාගම පවසන්නේ, Google Drive හෝ Google Photos සේවාවන් වැසී නොයන අතර, Google Drive මගින් පරිගණකයේ සාමාන්‍ය ගොනු (Files) Sync කිරීම පෙර පරිදිම සිදු කළ හැකි බවයි.
වෙනස් වන්නේ Drive හරහා Photos වෙත තිබූ ස්වයංක්‍රීය සබඳතාව පමණයි.
එමෙන්ම, Google Drive ඇප් එක වෙනුවට සෘජුවම Google Photos වෙබ් අඩවිය හරහා ඡායාරූප Backup කිරීමට Google සමාගම විකල්ප දෙකක් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව, Google Photos වෙබ් අඩවියට පිවිස, එහි ඇති "+" ලකුණ (Plus icon) ක්ලික් කර "Back up folders" තෝරා ගැනීමෙන් පරිගණකයේ ඇති අවශ්‍ය Folders ඉදිරියටත් Backup කිරීමට තෝරාගත හැකියි.
එමෙන්ම, Google Drive හි දැනටමත් තැන්පත් කර ඇති ඡායාරූප සෘජුවම Google Photos වෙත Import කරගැනීමේ පහසුකමද භාවිත කළ හැකියි.
ජංගම දුරකථන (Phones) හරහා Google Photos ඇප් එක භාවිතයෙන් ඡායාරූප Backup කරන සාමාන්‍ය පරිශීලකයන්ට මෙයින් කිසිදු බලපෑමක් සිදු නොවන බවත් එම සමාගම පවසනවා.
මූලාශ්‍රය - THE TIMES OF INDIA

Latest News
උල්කාපාත වර්ෂාවක් අද මධ්‍යම රාත්‍රියේ සිට හෙට අලුයම දක්වා
Local
12 August 2026
ශ්‍රී ලංකා - ඉන්දීය ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිලේ කඩුලු රැකීම නිරෝෂන් දික්වැල්ලට හෝ අංජල බණ්ඩාරට
Local
12 August 2026
මහනුවර ඇසළ පෙරහරේ කප් සිටුවීම හෙට
Local
12 August 2026
කොලොම්බියා භූමිකම්පාවෙන් සිදුවූ මරණ 250 ඉක්මවයි
Local
12 August 2026
විදෙස්ගත කුඩු ජාවාරමකුගේ ප්‍රධාන ගෝලයෙකු මත්ද්‍රව්‍ය සමග හෝමාගම දී අත්අඩංගුවට
Local
12 August 2026
කුරුවිට බන්ධනාගාර ගැටුමේදී රැඳවියන් දෙදෙනා මියගොස් ඇත්තේ වෙඩි වැදීමෙන්: පශ්චාත් මරණ පරීක්ෂණය
Local
12 August 2026
බෙල්ලන්විල ඇසළ පෙරහර ඇරඹේ: විශේෂ රථවාහන සැලැස්මක්
Local
12 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡාවට නීතීඥ සංගමය අද ජනපති හමුවෙයි
Local
12 August 2026
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
Local
12 August 2026
යෝජිත 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට නීතිඥ සංගමයෙන් දැඩි විරෝධයක්
Local
12 August 2026