ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය විසින් ක්‍රියාත්මක කරනු ලබන දැඩි ආහාර ආරක්ෂණ වැඩසටහනක් යටතේ, ෂාරුක් ඛාන් ඇතුළු ප්රමුඛ පෙළේ බොලිවුඩ් නළුවන් තිදෙනෙකුට ආදේශක වෙළඳ දැන්වීම්වල පෙනී සිටීමෙන් වළකින ලෙස දන්වා නිල වශයෙන් අවවාද කර තිබෙනවා.
මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ආහාර හා ඖෂධ පරිපාලනය විසින් නිකුත් කරන ලද මෙම නිවේදනයට අනුව, ෂාරුක් ඛාන්, අජේ දේව්ගන් සහ ටයිගර් ෂෙරෝෆ් යන නළුවන් විසින් ප්‍රවර්ධනය කරන ලද කරදමුංගු වෙළඳ දැන්වීමක් සහ තහනම් කරන ලද බුලත් විට මිශ්‍රණයක් සමඟ දැඩි ලෙස සම්බන්ධ වී ඇති බව පෙන්වා දී තිබෙනවා.
මෙම නිෂ්පාදනවල සන්නාම අනන්‍යතාවය සහ නම් භාවිතය හරහා තහනම් නිෂ්පාදන පාරිභෝගික මතකයේ රඳවා ගැනීමට හෝ පවත්වා ගැනීමට කටයුතු කරන බවයි ප්‍රාන්ත බලධාරීන් පෙන්වා දී ඇත්තේ.
ඒ අනුව, අදාළ වෙළඳ දැන්වීම් සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඉවත් කරන ලෙසත්, තවදුරටත් එවැනි විකාශන සඳහා සහයෝගය නොදක්වන ලෙසත් අදාළ නළුවන්ට දැනුම් දී ඇති අතර, දින 15ක් ඇතුළත මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන ලෙසද නියෝග කර තිබෙනවා. සෞඛ්යාරක්ෂිත ප්රමිතීන් තදින් ක්‍රියාත්මක කිරීමේ අරමුණ ඇතිවයි මහාරාෂ්ට්‍ර රජය මෙම පියවර ගෙන ඇත්තේ.

Latest News
මාස 08ට මාරක රිය අනතුරු 1,600පනී: 1,700කට වැඩි පිරිසක් මියයයි
Local
22 August 2026
එල්නිනෝ තත්ත්වයට මුහුණ දෙන්න ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
Local
22 August 2026
ජාතියේ යශෝරාවය නන්දා මාලිනිය අද නික්ම යයි
Local
22 August 2026
ප්‍රදේශ රැසකට අදත් වැසි
Local
22 August 2026
රුමේෂ් තරංගගෙන් මීටර් 88.14ක සුපිරි දස්කමක්: ලුසෑන් ඩයමන්ඩ් ලීග් හෙල්ල විසිකිරීමේ ශූරතාව ශ්‍රී ලංකාවට
Local
22 August 2026
ඉම්රාන් ඛාන්ට නිදහස ඉල්ලා පාකිස්ථානය පුරා දැවැන්ත පාගමනක සූදානමක්
Local
22 August 2026
චීනයෙන් අති නවීන ජලජ රොබෝ මත්ස්‍යයෙක්
Local
21 August 2026
දිවංගත නන්දා මාලිනියට ජනපතිගෙන් අවසන් ගෞරව
Local
21 August 2026
පංච පුද්ගල ඝාතනයක වරදකරුට ජපානයේදී මරණ දඬුවම
Local
21 August 2026
ලොව වයස්ගතම තැනැත්තිය වන බ්‍රිතාන්‍යයේ ඒතල් කේටර්හැම් සිය 117 වැනි උපන්දිනය සමරයි
Local
21 August 2026