Entertainment11 September 2026

"රැකියා සුරකින්න - AI නියාමනය කරන්න" : කෘතිම බුද්ධියට එරෙහිව රොබෝවරුන්ගෙන්ම විරෝධයක්

කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ රැකියා සුරක්ෂිතභාවය වෙනුවෙන් දැඩි නීතිරීති පනවන ලෙස ඉල්ලමින් පෝලන්තයේ වෝර්සෝ නුවර අපූරු විරෝධතාවක් පවත්වා තිබෙනවා.

පෝලන්තයේ ඩිජිටල් කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ඉදිරිපිට පැවැති මෙම විරෝධතාව සඳහා විවිධ මාදිලියේ රොබෝවරුන් 30 දෙනෙකු පමණ එක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පාබල මානව රූපී (Humanoid) රොබෝවරුන් සහ සිව්පාවුන් බඳු රොබෝවරුන්ගෙන් (Quadrupeds) සමන්විත වූ මෙම කණ්ඩායම කොඩි වනමින්, සටන් පාඨ කියමින් සහ වටරවුම් ලෙස ගමන් කරමින් සංකේතාත්මක විරෝධතාවයක නිරත වී තිබෙනවා.

ධ්වනි විකාශක යන්ත්‍ර හරහා “රැකියා ස්ථාන සුරකින්න”, “නීති පැනවීමට කාලයයි” සහ “ප්‍රමාද නොවී නියාමනය කරන්න” වැනි සටන් පාඨ නිකුත් කිරීමට ඔවුන් පියවර ගෙන ඇති අතර, මෙම විරෝධතාවට එක්වූ Agibot A3 නමැති මානව රූපී රොබෝවරයෙකු AFP පුවත් සේවයට ප්‍රකාශ කර තිබුණේ, මෙම තාක්ෂණය මේ වන විටත් ප්‍රායෝගික යථාර්ථයක් බව පෙන්වා දීමට තමන් මෙම විරෝධතාවට එක්වූ බවයි.

කෘතිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය නිසා රැකියා වෙළඳපොළට වන බලපෑම පිළිබඳ මහජන කථිකාවතක් ගොඩනැගීමට උත්සාහ කරන 'Democratism' සංවිධානය මගින් මෙම විරෝධතාව සංවිධානය කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes