Sports30 September 2025

ආසියානු කුසලානය තැපෑලෙන් එවන්න .. නැත්නම් බලාගමු - ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය

ආසියානු කුසලාන අවසන් මහා තරගය ජයගත් ඉන්දීය කණ්ඩායම විසින් සම්මාන ප්‍රදානෝත්සවයේදී කුසලානය භාරගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) සභාපති මොහ්සින් නක්වි විසින් එම කුසලානය සහ පදක්කම් රැගෙන ගොස් ඇති බව වාර්තා වී තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) ප්‍රකාශ කර ඇත්තේ දේශපාලනික හේතු මත මොහ්සින් නක්විගෙන් කුසලානය භාර නොගැනීමට තීරණය කළ බවයි. කුසලානය සහ පදක්කම් කඩිනමින් ඉන්දියාවේ මුම්බායි නුවර පිහිටි ක්‍රිකට් ආයතනය වෙත තැපෑලෙන් එවන තෙක් අපේක්ෂාවෙන් සිටින බව ද ඔවුන් පවසනවා.

කුසලානය අහිමි වීම හේතුවෙන් ඉන්දීය ක්‍රීඩකයින්ට හිස් වේදිකාවක ජය සමරනු දැක ගත හැකි වුණා.

සම්මාන ප්‍රදානෝත්සවය අතරතුර නක්වි කුසලානය රැගෙන යාම "අතිශයින්ම අවාසනාවන්ත හා ක්‍රීඩාවට නුසුදුසු ක්‍රියාවක්" ලෙස BCCI ලේකම් දේවාජිත් සයිකියා හඳුන්වා දී තිබෙන්නේ.

BCCI ය වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ, කුසලානය සහ පදක්කම් කඩිනමින් ඉන්දියාවට නොඑවන්නේ නම්, ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සමුළුවේදී මේ සම්බන්ධයෙන් ප්‍රබල විරෝධතාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

ඉන්දීය කණ්ඩායම කඳවුරෙන් පිටව යාමට පෙර කුසලානය ලබා දෙන ලෙස ඉල්ලා සිටියද එය ප්‍රතික්ෂේප වී ඇති බව ද වාර්තා වී තිබෙනවා.
Related Recomands
Hiru TV News | Programmes