Sports30 September 2025

ජ්‍යෙෂ්ඨ කාන්තා ලෝක කුසලාන කණ්ඩායම නම් කරයි - ශ්‍රී ලංකාවෙන් තුන් දෙනෙක්

ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ වයස අංකයකට පමණක් සීමා කරමින් ඉදිරි පන්දුවාර 50 ලෝක කුසලානයකදී දැකීමට නොලැබෙනු ඇතැයි අනුමාන කරන, එහෙත් විශිෂ්ට අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ කාන්තා ක්‍රීඩිකාවන් 11 දෙනෙකුගෙන් යුත් විශේෂ කණ්ඩායමක් ESPN Cricinfo වෙබ් අඩවිය විසින් නම් කර තිබෙනවා.

මෙම කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩිකාවන් තිදෙනෙකු ඇතුළත් වීම සුවිශේෂී කරුණක් වන අතර, ඔවුන් වයසට වඩා දක්ෂතා පෙරදැරි කරගත් ක්‍රීඩිකාවන් ලෙස අවධාරණය කර තිබෙනවා.

වයස අවුරුදු 35 ක් වන ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු , 39 හැවිරිදි වමත් දඟ පන්දු යවන්නිය වන ඉනෝකා රණවීර සහ 40 හැවිරිදි වේග පන්දුයවන්නිය වන උදේශිකා ප්‍රබෝධනී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම ජ්‍යෙෂ්ඨ කණ්ඩායමට ඇතුළත් වනවා.

මෙම ලැයිස්තුවට ඕස්ට්‍රේලියාවේ නායිකා ඇලිසා හීලි (34) සහ ජනප්‍රිය තුන් ඉරියව් ක්‍රීඩිකා එලීස් පෙරී (34) ද ඇතුළත්.

නවසීලන්තයේ සුසී බේට්ස් (38) සහ සොෆී ඩිවයින් (36) ද, ඉන්දියාවේ නායිකා හර්මන්ප්‍රීත් කෞර් (36) ද මෙම අත්දැකීම් බහුල කණ්ඩායමට නම් කර තිබෙනවා.

මෙම සෑම ක්‍රීඩිකාවක්ම තම අවසන් ලෝක කුසලානය ලෙස සැලකෙන මෙම තරගාවලියේදී තම රටට කිරුළක් දිනා දීමට විශාල කැපවීමකින් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරනවා.

ඇලිසා හීලි (34) ඕස්ට්‍රේලියාව, එලීස් පෙරී (34) ඕස්ට්‍රේලියාව, මේගන් ශූට් (32) ඕස්ට්‍රේලියාව, සුසී බේට්ස් (38) නවසීලන්තය, සොෆී ඩිවයින් (36) නවසීලන්තය, චමරි අතපත්තු (35) ශ්‍රී ලංකාව, ඉනෝකා රණවීර (39) ශ්‍රී ලංකාව, උදේශිකා ප්‍රබෝධනී (40) ශ්‍රී ලංකාව, හර්මන්ප්‍රීත් කෞර් (36), ඉන්දියාව, හෙදර් නයිට් (34) එංගලන්තය, මරිසාන් කැප් (35) දකුණු අප්‍රිකාව, ලී ටහුහු (35) නවසීලන්තය.
Related Recomands
Hiru TV News | Programmes