ලෝක කුසලාන T-20 තරගාවලියේ තමන්ගේ බලාපොරොත්තු ශක්තිමත් කර ගැනීම සඳහා අද (25) ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන සුපිරි 8 වටයේ තරගය තීරණාත්මක "පිළිමලුන් පිටුදැකීමේ" තරගයක් ලෙස සලකන බව නවසීලන්ත නායක මිචෙල් සැන්ට්නර් පවසනවා.
නවසීලන්තයේ පළමු සුපිරි 8 තරගය වර්ෂාව නිසා අතහැර දැමීමට සිදු වූ අතර, ඒ හේතුවෙන් ඔවුන්ට නැවත ක්‍රීඩා කිරීමට දිගු කලක් බලා සිටීමට සිදු විය. චෙන්නායි සිට කොළඹ දක්වා පැමිණි පසු ලැබුණු මෙම විවේකය අසාමාන්‍ය වුවත්, එය කණ්ඩායමට නැවත සංවිධානය වීමට අවස්ථාවක් වූ බවයි ඔහු පවසා සිටියේ.
"අපි දවස් කිහිපයකින් ක්‍රීඩා කළේ නැහැ වගේ දැනෙනවා, ඒ නිසා අද දිනය හොඳ වේවි,පසුගිය රාත්‍රියේ වැස්ස නිසා තරගය අහිමි වීම ඇත්තෙන්ම කණගාටුවට කරුණක්." යනුවෙනුයි ඔහු පවසා සිටියේ.
"සුපිරි 8 වටයේ ඕනෑම තරගයක් පිළිමලුන් පිටුදැකීමේ තරගයක් වගෙයි. අපට වගේම ශ්‍රී ලංකාවටත් එය එසේම බව අපි දන්නවා," ඔහු පැවසුවා.
"අපි සූදානම් වීම සඳහා උපරිමයෙන් කටයුතු කරන අතරම ක්‍රීඩකයින් ප්‍රබෝධමත්ව තබා ගැනීමටත් පියවර ගන්නවා."
තම සංචිතයේ සිටින ක්‍රීඩකයින් 15 දෙනාම සුවපත් තත්ත්වයෙන් පසුවන බව සැන්ට්නර් තහවුරු කළ අතර, ඒ අනුව තණතිල්ලේ ස්වභාවයට ගැළපෙන පරිදි කණ්ඩායම තෝරා ගැනීමට අවස්ථාව පවතින බව ඔහු පවසා සිටියේ.
ඕස්ට්‍රේලියාව පරාජය කරමින් මූලික වටයේදී දස්කම් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ආබාධවලට ලක්ව සිටියත්, ඔවුන් තවමත් ප්‍රබල ප්‍රතිවාදියෙකු බව සැන්ට්නර් වැඩිදුරටත් පවසා සිටියේ.
"අපි ඔවුන් සමඟත්, ඔවුන් අප සමඟත් බොහෝ තරග ක්‍රීඩා කර තිබෙනවා. මෙහි රහස් නැහැ. ඒක තීරණය වෙන්නේ කවුද හොඳට හැඩගැසෙන්නේ සහ කවුද තමන්ගේ දක්ෂතා පිටිය මැද හොඳින් ක්‍රියාත්මක කරන්නේ කියන එක මතයි."

Latest News
ඩෙංගු අධි අවදානම් ග්‍රාම නිලධාරී වසම් 538ක් ප්‍රකාශයට පත් කෙරේ
Local
23 June 2026
සීගිරියේ දී පස්සෙන් පැන්නූ වන අලියාගෙන් විදෙස් කතුන් 4ක් නූලෙන් බේරෙති
Local
23 June 2026
ජෝර්දානය පරදා ඇල්ජීරියාවට ජය
Local
23 June 2026
ඥානසාර හිමියන්ගේ සිර දඬුවම මහාධිකරණය ස්ථිර කරයි
Local
23 June 2026
කෙසෙල් කඳෙන් රෙදි හදන්න කළින් වැහෙන්න යන ගාමන්ට් ටික බේරගන්න - විපක්ෂ නායක සජිත්
Local
23 June 2026
කෝරළඉම ප්‍රදේශයේ බැංකුවක සේප්පුවක් බිඳ රන් භාණ්ඩ කොල්ලකයි
Local
23 June 2026
ඩෙංගු රෝගීන් තව වැඩි වුණොත් රෝහල් කළමනාකරණය කරගන්න අමාරුයි - නි. ඇමති රුවන්
Local
23 June 2026
ලෝක බොර තෙල් මිල තවත් පහළට
Local
23 June 2026
ජපානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ මහා පරිමාණ ක්‍රිප්ටෝ වංචාව පිටුපස චීන ෆෙන්ටැනීල් ජාවාරම්කරුවන් සිටින බව හෙළි වෙයි
Local
23 June 2026
කළුතර හෝටලයකදී ලක්ෂ 10ක් අල්ලස් ගත් පොලිස් පරීක්ෂක අත්අඩංගුවට
Local
23 June 2026