Sports05 June 2026

ආසියාවෙන් 2; ලෝකයෙන් 8: රුමේෂ් තරංග ලෝක වාර්තා පොත් අලුත් කරයි

රෝමයේ පැවැති කීර්තිමත් ‘ඩයමන්ඩ් ලීග්’ (Rome Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේදී ලෝකයම මවිතයට පත් කරන අතිවිශිෂ්ට දස්කමක් දැක්වීමට ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග සමත් වී තිබෙනවා.

එහිදී ඔහු මීටර් 92.62 ක තරම් ඉහළ දක්ෂතාවක් දක්වමින් හෙල්ල විසි කිරීමට සමත් වී ඇති අතර, එමඟින් ඔහු වාර්තා රැසක් පිහිටුවීමට සමත්ව තිබෙනවා.

ඒ අනුව, ඔහු විසින් මෙතෙක් මෙරට ක්‍රීඩකයෙකු තබා තිබූ සියලුම ජාතික වාර්තා අභිබවා යමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවනු ලැබූ අතර, මෙවර තරග වාරය තුළ ලොව පුරා සිටින හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයින් අතරින් වාර්තා වූ ඉහළම දක්ෂතාව (World Lead) ලෙස ද මෙය සටහන් වනු ඇති.

මෙම දස්කම සමඟින් ආසියානු මලල ක්‍රීඩා ඉතිහාසයේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයින් අතර 2 වන ස්ථානයට පත්වීමට සමත්ව ඇති අතර, සමස්ත ලෝක මලල ක්‍රීඩා ඉතිහාසය දෙස බැලීමේදී, සර්වකාලීන ලෝක ශ්‍රේණිගත කිරීම්වල 8 වන ස්ථානයට (8th All-Time) හිමිකම් කීමට ද මෙම ප්‍රබල දස්කම හරහා ඔහුට අවස්ථාව ලැබී තිබෙනවා.
Related Recomands
Hiru TV News | Programmes