Sports07 June 2026

ශ්‍රී ලංකා - කොදෙව් දෙවැනි එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දමයි

සංචාරක ශ්‍රී ලංකා - කොදෙව් කණ්ඩායම් අතර අද (07) පැවැත්වීමට තිබූ දෙවැනි එක්දින තරගය කාසියේ වාසියට පමණක් සීමා වෙමින්, තරගය අත්හැර දැමීමට විනිසුරුවරුන් විසින් තීරණය කළා.

ඒ Sabina Park, Kingston පිටියට ඇද හැලෙන අධික වර්ෂා තත්ත්වය හේතුවෙන්.

අද තරගයේ කාසියේ වාසිය හිමිකරගත් කොදෙව් පිල ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට ආරාධනා කළත්, එක පන්දුවක් හෝ ක්‍රීඩා කිරීම සඳහා අයහපත් කාලගුණය ඉඩ ලබා දුන්නේ නැහැ.

ඒ අනුව තෙවැනි එක්දින තරගය එළඹෙන ජූනි 09 වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 01.00ට පැවැත්වෙනු ඇති.
Related Recomands
Hiru TV News | Programmes