Sports14 June 2026

කොදෙව් පිලට ලකුණු 195ක ඉලක්කයක්

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර දෙවැනි විස්සයි20 ක්‍රිකට් තරගයේ අද (14) පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 194ක් ලබා ගැනීමට සමත් වුණා.

කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ කමිල් මිෂාර නොදැවී ලකුණු 61ක්, දසුන් ශානක ලකුණු 58ක්, නායක කුසල් මෙන්ඩිස් ලකුණු 31ක්, කමිඳු මෙන්ඩිස් ලකුණු 24ක්, පැතුම් නිස්සංක ලකුණු 7ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් රැස්කර ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී කොදෙව්වන් වෙනුවෙන් ෂමර් ජෝෂප් කඩුලු 3ක්, මැතිවු ෆොර්ඩ් කඩුලු 2ක්, ෂමර් ස්ප්‍රින්ගර් කඩුලු 1ක් බැගින් දවා ගත්තා.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හිමි පිළිතුරු ඉලක්කය ලකුණු 195ක්.
Related Recomands
Hiru TV News | Programmes