සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවැනි විස්සයි විස්ස තරගය ජයග්‍රහණය කරන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ ලකුණු 37කින්.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 194ක් වාර්තා කළා.
එහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් දසුන් ශානක පන්දු 24කදී වේගවත් ලකුණු 58ක් හා කමිල් මිෂාර පන්දු 40ක දී නොදැවී ලකුණු 60ක් වාර්තා කළා.
පන්දු යැවීමේ දී බටහිර ඉන්දීය කොදෙව්වන් වෙනුවෙන් ෂමාර් ජෝෂප් කඩුලු 3ක් හා මැතිව් ෆෝර්ඩ් කඩුලු 2ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ලෙස පන්දුවට පහර එල්ල කළ කොදෙව්වන්ගේ මුල් කඩුලු දෙක ලකුණු 9ක් තුළ දැවී ගියත් අනතුරුව පිටියේ ස්ථාවර වූ ෂිම්රාන් හෙට්මයර් සහ රොව්මන් පවෙල් ලකුණු 81ක දැවැන්ත සබඳතාවක් ගොඩනැගුවා.
එම සබඳතාව බිඳී ගියේ කොදෙව් ලකුණු පුවරුව ලකුණු 90ක්ව තිබියදී.
ඒ වන විට හෙට්මයර් ලකුණු 36ක් ලබාගෙන සිටි අතර අනතුරුව ලකුණු 43ක් ලබාගෙන සිටි රොව්මන් පවෙල් දැවී ගියා.
ඉන් අනතුරුව කොදෙව් ඉනිම ක්‍රමයෙන් කඩා වැටුණු අතර යම් හෝ ජීවයක් එක් කරන්නට අකිල් හොසේන් සහ රොස්ටන් චේස් උත්සහ කළා.
නමුත් අකිල් හොසේන් ලකුණු 14කට දැවී ගියේ අවසන් කඩුල්ල ලෙස රොස්ටන් චේස් එක් අන්තයක තනි කරමින්.
කෙසේ නමුත් රොස්ටන් චේස් ද ලකුණු 17කට දැවී ගියේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 1 - 1ක් වශයෙන් සම තත්ත්වයක පසු කරමින්
ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ දී වනිඳු හසරංග හා දුෂ්මන්ත චමීර අතරේ කඩුලු 3 බැගින් බෙදී ගිය අතර දුනිත් වෙල්ලාගේ කඩුලු 2ක් හා මහීෂ් තීක්ෂණ එක් කඩුල්ලක් බැගින් දවා ගත්තා.

Latest News
ඉන්දු - අමෙරිකානු නායකයින් අතර ද්විපාර්ශවික සාකච්ඡා
Local
18 June 2026
පූනෑවේදී ලංගම බස් රථයකට යටවී ගුරුවරියක් ජීවිතක්ෂයට
Local
18 June 2026
මේ වසරේ මැයි මාසයේදී විදෙස් ප්‍රේෂණ සියයට 32කින් ඉහළට
Local
18 June 2026
සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට
Local
18 June 2026
නීතිවිරෝධී ලෙස උපයා ගත් බවට සැක ගාල්ලේ කෝටි හතරක දේපොළක් තහනමට
Local
18 June 2026
යාපනයේ අයෙකුගේ මත් ජාවාරමෙන් ඉපැයූ දේපළක් තහනම් කෙරේ
Local
18 June 2026
අස්වැසුම දීමනා අද බැංකු ගිණුම්වලට
Local
18 June 2026
කුඩු කුමාරිගේ රුපියල් කෝටි 4ක දේපළ තහනම් කරයි
Local
18 June 2026
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 339.06ක් ලෙස සටහන් වෙයි
Local
18 June 2026
චීන ඒකාධිකාරයට අභියෝග කරමින් රුසියාවේ විශාලතම දුර්ලබ ඛනිජ නිධියක් ඉන්දියාවට විවෘත වෙයි
Local
18 June 2026