Sports19 June 2026

ICC සභාපති දිවයිනට පැමිණෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා ශ්‍රි ලංකාවට පැමිණ තිබෙනවා.

ඔහු මෙරට ක්‍රිඩා බලධාරින් සහ ක්‍රිකට් පරිපාලකයින් හමුවනු ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ එහිදී ඔහු ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවයි.

මෙම හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) අතුරු කමිටු ගැටලුව සම්බන්ධයෙන් වන කරුණ සාකච්ඡා ලැයිස්තුවේ ඉහළින්ම පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවයි වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
Related Recomands
Hiru TV News | Programmes