ඇන්ටිගුවා හි සර් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 15ක් ලබා සිටිනවා.
ඒ අනුව, මේ වන විටත් ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව් පළමු ඉනිමට වඩා ලකුණු 303ක් පිටුපසිනුයි සිටින්නේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිමේ ලකුණු 308කට පිළිතුරු ලෙස, කොදෙව් කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 9ක් දැවී ලකුණු 626ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට (Declare) තීරණය කළා.
කොදෙව් ඉනිම ගොඩනැගීමේදී 6 වන කඩුල්ල සඳහා දැවැන්ත සබඳතාවක් ගොඩනැගීමට අමීර් ජන්ගූ සහ රොස්ටන් චේස් සමත් වූ අතර, අමීර් ජන්ගූ විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 373කට මුහුණ දෙමින් හතරේ පහර 19ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 233ක් රැස් කළා.
නායකත්වයේ ඉනිමක් දියත් කළ රොස්ටන් චේස් (Roston Chase), පන්දු 324කදී ලකුණු 194ක් ලබා ගත් අතර, ඊට හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් ඇතුළත්.
ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථකම පන්දු යවන්නා වූ මිලාන් රත්නායක ඕවර 35.5ක් යවමින් ලකුණු 124කට කඩුලු 5ක් දවා ගත් අතර, අසිත ප්‍රනාන්දු (2/56) සහ සොනාල් දිනූෂ (2/234) කඩුලු 2ක බැගින් දවා ගත්තා.
දැවැන්ත ලකුණු පරතරයක් හඹා යාමේ අභියෝගය සහිතව සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමට, තුන්වන දිනය නිමාවීමට පෙර කඩුල්ලක් අහිමි කර ගැනීමට සිදුවුණා.
එහිදී, ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 3කට ජේඩ්න් සීල්ස් (Jayden Seales) ගේ පන්දුවක් හමුවේ ජෝෂුවා ද සිල්වා අතට උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගියා.
තුන්වන දිනය සඳහා තරගය නතර කරන විට නිශාන් මදුශ්ක ලකුණු 2ක් සහ කසුන් රාජිත ලකුණු 4ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටින අතර, ශ්‍රී ලංකාවට ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා තවත් ලකුණු 303ක් රැස් කළ යුතුයි.

Latest News
පළමු ඉනිමට ලකුණු 626ක් රැස්කළ කොදෙව්වන්ගෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ඉලක්කයක්
Local
28 June 2026
දියතලාව - යාපනය බස් රථයක් බණ්ඩාරවෙලදී අනතුරට ලක්වෙයි: එක් අයෙකු රෝහලේ
Local
27 June 2026
GMOA නව සභාපති ලෙස විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව පත් කෙරේ
Local
27 June 2026
ඇෆ්ගනිස්ථානයට ප්‍රබල භූකම්පනයක්
Local
27 June 2026
පාසල් රග්බි ලීග්: ශාන්ත අන්තෝනි විද්‍යාලය පරදවා ශාන්ත තෝමස් විද්‍යාලයට ජය
Local
27 June 2026
පාසල් රග්බි ලීග්: ප්ලේට් ශූරතාව ශාන්ත ජෝසප් විද්‍යාලයට
Local
27 June 2026
පාසල් රග්බි ලීග්: සහිරා විද්‍යාලය පරදවා ඉසිපතන විද්‍යාලයට තියුණු ජයක්
Local
27 June 2026
පාසල් රග්බි ලීග් ශූරතාව ත්‍රිත්ව විද්‍යාලයට
Local
27 June 2026
හෙටත් ප්‍රදේශ රැසකට වැසි
Local
27 June 2026
යතුරුපැදි දෙකක් හා ටිපර් රථයක් ගැටී තරුණයෙක් මරුට: තවත් අයෙක් රෝහලේ
Local
27 June 2026