Sports02 July 2026

HIRU RELAY CHAMPIONSHIP 2026 දෙවෙනි දිනය අද ඇරඹේ

අයහපත් කාලගුණය නිසා දෙවැනි හා තෙවැනි දින කල් දැමූ Hiru Relay Championship අද (02) සහ හෙට (03) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ මග පෙන්වීම යටතේ හිරු මාධ්‍ය ජාලයේ පූර්ණ අනුග්‍රාහකත්වය යටතේයි මෙම තරගාවලිය පැවැත්වෙන්නේ.

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය විසින් 4 වැනි වරටත් සංවිධානය කරන සහය දිවීමේ තරගාවලිය අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව සියලුම වයස් කාණ්ඩ ආවරණය වන පරිදි දිවයිනේ පාසල් ළමුන් 4500කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
Related Recomands
Hiru TV News | Programmes