Sports04 July 2026

LPL සමාරම්භක උළෙලේදී ඩ්‍රෝන යානා 500ක සංදර්ශනයක්

මේ මස 17 වැනිදා ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමීයර් ලීග් තරගාවලියේ සමාරම්භක උළෙලේදී ඩ්‍රෝන යානා සංදර්ශනයක් පැවැත්වීමට තරග සංවිධායකයින් සැලසුම් කර තිබෙනවා.

ඔවුන් නිවේදනය කළේ, ඩ්‍රෝන යානා 500ක් ගුවනට නංවා මෙම සමාරම්භක උළෙලේ එම සංදර්ශනය සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි.

ලංකා ප්‍රිමීයර් ලීග් තරගාවලියේ 6 වැනි අදියර මේ මස 17 වැනිදා රාත්‍රී 7.30ට කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ආරම්භ වන්නේ යාපනය සහ ගාල්ල කණඩායම් අතර තරගයෙන්.
Related Recomands
Hiru TV News | Programmes