Sports17 July 2026

LPL තරගාවලිය අදින් ඇරඹේ

මෙරට ප්‍රමුඛතම ලීග් ක්‍රිකට් ක්‍රීඩා තරගාවලිය වන එල්. පී. එල්. තරගාවලිය අද (17) ආරම්භ වනවා.

මෙහි සමාරම්භක උත්සවය රාත්‍රී 7.30ට කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනු ඇති.

තරගාවලියේ පළමු තරගය භානුක රාජපක්ෂ නායකත්වය දරණ ජැෆ්නා කින්ග්ස් සහ දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ගෝල් ගැලැන්ට්ස් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

කුසල් මෙන්ඩිස් නායකත්වය දරණ කලම්බු කැප්ස්, දිනේෂ් චන්දිමාල් නායකත්වය දරණ දඹුල්ල සික්සර්ස් සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් කැන්ඩි රෝයල්ස් තරගාවලියට එක්වන සෙසු කණ්ඩායම් වනවා.

කොළඹ එස්.එස්.සී, ආර්. ප්‍රේමදාස, පල්ලේකැලේ සහ රංගිරි දඹුලු ක්‍රීඩාංගනවලදී තරග පැවැත්වෙන අතර, ශූරයින්ට රුපියල් කෝටි 03ක ත්‍යාග මුදලක් ලබාදෙන බවයි තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩංවල කියා සිටියේ.
Related Recomands
Hiru TV News | Programmes