Sports14 July 2026

ද. අප්‍රිකානු පාපන්දු ක්‍රීඩකයාගේ මරණය ගැන පොලිස් පරීක්ෂණ ඇරඹෙයි

දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් පොලිසිය විසින් පාපන්දු ක්‍රීඩක ජයිඩන් ඇඩම්ස්ගේ (Jayden Adams) මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඔහුගේ සිරුර සොයාගෙන ඇත්තේ ඔහු ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ උතුරු අමෙරිකාවේ සිට නැවතත් ඔහුගේ රටට පැමිණ කෙටි කලකට පසුවයි.

දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායමේ 25 හැවිරිදි මැදපෙළ ක්‍රීඩකයෙකු වූ ඇඩම්ස්, කේප් ටවුන් හි ෂොට්ෂේ ක්ලූෆ් (Schotsche Kloof) ප්‍රදේශයේ පිහිටි නිවසක මියගොස් සිටියදීයි සොයා ගෙන ඇත්තේ.

දකුණු අප්‍රිකානු පාපන්දු ක්‍රීඩකයින්ගේ සංගමය සෙනසුරාදා ඔහුගේ මරණය තහවුරු කළා.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
Related Recomands
Hiru TV News | Programmes