Sports18 August 2026

ඉන්දියාවට එරෙහි තරගයට චන්දිමාල් වෙනුවට පසිඳු සූරියබණ්ඩාර කැඳවයි

ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා සංචාරයේ සිව්වන දිනයේ පන්දු රකිමින් සිටියදී ආබාධයකට ලක්වූ දිනේෂ් චන්දිමාල් වෙනුවට පසිඳු සූරියබණ්ඩාර ආදේශක ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට එක් කිරීමට තීරණය කර තිබෙනවා.

එසේම එම ආදේශය සඳහා තරග තීරකවරයාගේ අනුමැතියද හිමිව ඇති බව සඳහන් වෙනවා.

සිව්වන දිනයේ පළමු සැසියේදී පන්දුව නතර කිරීමට උත්සාහ කිරීමේදී චන්දිමාල්ගේ උරහිස සහ හිස ක්‍රීඩාංගණයේ බිමට තදින් ගැටී ඇති අතර, අනතුරුව ඔහුව ආරක්ෂිත පියවරක් ලෙස ස්කෑන් පරීක්ෂණයකට යොමු කර තිබෙනවා.

එම ස්කෑන් පරීක්ෂණයේදී අභ්‍යන්තර ආබාධයක කිසිදු සලකුණක් නොමැති බව තහවුරු වී ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, අනතුරුව ක්‍රීඩාංගණයේදීම කණ්ඩායම් වෛද්‍යවරයා සහ භෞතචිකිත්සකවරයා විසින් චන්දිමාල්ගේ තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර තිබෙනවා.
Related Recomands
Hiru TV News | Programmes