හිටපු ජනපති මහින්ද රාජපක්ෂට ඉදිරි මහමැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලබාදීමට තීරණය කර ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළා. ඒ, විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්. එහි සදහන් වන්නේ ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කළ පරිදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට මහමැතිවරණයේදී සන්ධානයෙන් තරඟ කිරීමට නාම යෝජනා ලබාදීමට තීරණය කළ බවයි. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා සකස් වනු ඇති බව ද එහි සදහන්. නාම යෝජනා අවසන් වීමෙන් පසු සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කමිටුව සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් ආරම්භ කරන බව ද එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
එම මාධ්‍ය නිවේදනය පහතින්

එම මාධ්‍ය නිවේදනය පහතින්

Latest News
නේපාල ගංවතුරෙන් මියගිය ගණන 270 දක්වා ඉහළට
Local
27 August 2026
නේපාල ගංවතුරෙන් මියගිය ගණන 177 දක්වා ඉහළට
Local
27 August 2026
ජල බෝතල් වැඩි මිලට විකිණූ ආපනශාලාවකට ලක්ෂ 9කට අධික දඩයක්
Local
27 August 2026
ඉම්රාන් ඛාන්ගේ පුත්‍රයින්ගෙන් පාකිස්ථාන පාලනයට දොස්
Local
27 August 2026
චීන සයිබර් ප්‍රහාරයක් අමෙරිකාව ව්‍යර්ථ කරයි
Local
27 August 2026
නියාමකගේ යතුරු පැදියෙන් වැලිකඩින් පලා ගිය රැඳවියා ගැන පරීක්ෂණ
Local
27 August 2026
නේපාලයට ඉන්දියාවෙන් ටොන් 10ක මානුෂීය ආධාර තොගයක්
Local
27 August 2026
දේශපාලන සිරකරුවන් රඳවාගැනීම වහා නතර කරන ලෙස බංග්ලාදේශයට ඉල්ලීමක්
Local
27 August 2026
නේපාලයේ ගංවතුරෙන් අතුරුදන් වූ ගණන 1500ට ආසන්න වෙයි
Local
27 August 2026
ධීවර හා නාවික ප්‍රජාවට දැනුම්දීමක්
Local
27 August 2026