General03 September 2015

වසර 1100ක් පැරණි ශිලා ලිපියක -නාට්‍ය අවසරපත් ගැන සටහනක්

අම්පාර - උහන - රජගලතැන්න පුරාවිද්‍යා භූමියේ ගවේෂණවලදී වසර 1100 ක් පැරණි ශිලා ලිපියක නාට්‍ය ශාලාවක අවසරපත් නිකුත් කරන්නෙකු පිළිබඳව සඳහන් වී ඇති බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී මහාචාර්යවරයා සඳහන් කළේ රජගලතැන්න පුරාවිද්‍යා භූමියේ පිහිටා ඇති චෛත්‍යයක් වටකොට බැද ඇති ගල් පුවරුවක ඇති ගලක මෙම සටහන සඳහන් වී තිබූ බවයි. එහි සඳහන් වී ඇත්තේ තමන් බුදුබව පතමින් ගල් පුවරුව චෛත්‍යයට පූජා කළ බවයි.  

කෙසේ වෙතත්, නාට්‍යශාලාවක් පිළිබඳ තොරතුරු එම ගල් පුවරුවේ සටහන්වී තිබී නැහැ.

මේ අතර, තොප්පිගල වනාන්තරයේ තිබී සොයා ගත් සෙල්ලිපියක යෝනක නම් බදු එකතු කරන පුද්ගලයෙකු පිළිබඳව සටහන් වී තිබූ බව ද මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි සඳහන් කළා.

Related recommendation
Hiru TV News | Programmes