තම දරුවන්ට කවා පොවා ඇති දැඩි කොට සමාජයේ ඉහළ තැනකට ගෙනවිත් යහපත් ජිවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය මං පෙත් සැලසීම උදෙසා ජිවිතයෙන් වැඩි කොටසක් කැප කළ පියෙකු සුනඛ කුඩුවකට දමා නිවසේ ඇති කරන ඉහළ වටිනාකමක් ඇති සුනඛයන්ට නිවසේ කාමර හා ඇඳන් වෙන්කර දී තම පියා වසර ගණනාවක් තිස්සේ බලු කූඩුවක සිරකැර තැබූ බව කියන දෙදරු මවක් බලගොල්ල පොලීසිය මඟින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බලගොල්ල ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවගේ මව හා සැමියා විදේශ ගතව ඇති බවත් පියා හා දරුවන් සමඟ ඇය නිවසේ ජීවත්ව තිබෙන බවත් පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ.
තම පියා නිවස ආසන්නයේ මළ මුත්‍රා පිටකරමින් අපිරිසිදු කරන බැවින් ඔහුව බලු කූඩුවට දැමීමට මෙම කාන්තාව කටයුතු කර තිබෙන බව ප්‍රදේශවාසීන් පවසයි.
කතා කර ගැනීමට පවා නොහැකිව බෙහෙවින් දුර්වලව සිටි පියාව ප්‍රතිකාර සඳහා මැණික්හින්න රෝහලට ඇතුලත් කර ඇති අතර බලගොල්ල පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.
තවත්....
මව්පියන් ජීවමාන බුදුවරුන්ට සමකළ සමාජයක් අද වනවිට මව්පියන් බලූ කූඩුවට ඇද දමන්නට තරම් කුරිරු වූයේ ඇයිදැයි වෙනම සාකච්ඡා කළ යුතු මාතෘකාවක්. එහෙත් ඊට තවත් නිමිත්තක් සපයමින් තම වයෝවෘද්ධ පියා බල්ලන් තුන්දෙනෙකු සමඟ කූඩු කර තැබූ දියණියක පිළිබඳ පුවතක් එලෙසින් වාර්තා වූවා.
73 හැවිරිදි මෙම පියා තම දියණිය ලොකු මහත් කරන්නට කොතරම් කැපකිරීම් කරන්නට ඇත්ද? එහෙත් නිවස ආසන්නයේ මුත්‍රා කරමින් අපිරිසිදු කරන නිසා මෙම දියණිය පියා බලූ කූඩුවේ සිරකර තිබුණා. දින ගණනාවක් කුසට නිසි ලෙස අහරක් පවා නොමැතිව බලූ කූඩුවට වී දුක් විඳි පියා පිළිබඳව පොලීසියට දැනුම් දුන්නේ ප්‍රදේශවාසීන්. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ බලගොල්ල පොලීසියේ නිලධාරීන් මෙම දියණිය අත්අඩංගුවට ගත්තා. පොලීසිය එම ස්ථානයට යන විටත් පියා සිටියේ සුනඛයන් වෙනුවෙන් වෙනමම සැකසූ කූඩුවේ දැඩි අසරණ තත්ත්වයකට පත්වයි. ඒ වනවිටත් දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයේ සිටි පියා ප්‍රතිකාර සඳහා මැණික්හින්න රෝහලට ඇතුළත් කළා. එහෙත් නිවසේ ඇති කරන සුනඛයන් නිවස තුළ සහ නිවසේ කාමරවල තමන්ට රිසිසේ සැරිසරමින් සුව විඳීම එහි ගිය අප වාර්තාකරුට මෙන්ම පොලීසියටද පුදුමය දනවන කරුණක් වුණා. මෙම දියණිය සුනඛ පැටවුන්ට කිරි පොවා ඇත්තේ සූප්පු සවිකළ කිරි බෝතල් වලින්.
කෙසේ වෙතත් මහනුවර අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම කාන්තාව මේ මස 19 වනදා දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

.jpg)
.jpg)
.jpg)
ඡායාරූප - කමල් සුරවීර

Latest News
පාස්කු විමර්ශන මැද්දට කඩා පනින හැමෝටම නීතිය ක්‍රියාත්මක කරනවා - මන්ත්‍රී අනුර පනාගොඩ
Local
16 June 2026
රුමේෂ් තරංගගෙන් ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක්
Local
16 June 2026
නවසීලන්තය පරාජය කරමින් ශ්‍රී ලංකා කාන්තා පිලට ජය
Local
16 June 2026
‘ජාතික අපනයන සංවර්ධන සැලැස්ම’ ජනපතිට පිළිගන්වයි
Local
16 June 2026
සලේට ජීවිත හානියක් වෙන්න තියෙන ඉඩකඩ අඩුයි - මාලිමා මන්ත්‍රී සුරවීර
Local
16 June 2026
සියළු රැඳවියන් ඉදිරියේ සුරේෂ් සලේගේ ශරීර පරීක්ෂාවක් සිදුකළ බව CIDය පිළිගනී
Local
16 June 2026
ඩොලර් උස්සන හැකර්ලාට අලුතින් නීති
Local
16 June 2026
හැකරුන් අතට ගිය ඩොලර් ගැන තාම අපි හොයනවා - ඇමති නලින්ද
Local
16 June 2026
ධවල මන්දිරයේ UFC තරගාවලියට එල්ල වීමට ගිය ඩ්‍රෝන ප්‍රහාරයක් FBI ව්‍යර්ථ කරයි
Local
16 June 2026
හිරු නැවතත් සම්මානයට පාත්රවෙයි! SLASSCOM National Ingenuity Awards 2026 හිදී ජාතික හා පළාත් සම්මාන
Local
16 June 2026