General02 September 2016

ඇමති දුමින්ද දිසානායකට එස්.බී. ගේ සහය

නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායකට තමන් නිරන්තරයෙන් සහය දක්වන බව අමාත්‍ය එස්.බී දිසානායක ප්‍රකාශ කළා.

පිළිමතලාව ප්‍රදේශයේ ඊයේ (01) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ නිදහස් පක්ෂ මහලේකම්වරයාගේ බලතල වලින් කොටසක්, අමාත්‍ය එස්.බී දිසානායකට පැවරීමේ සූදානමක් පවතින බවට මාධ්‍යවල පළවී තිබූ වාර්තා සත්‍යය ද යන්නයි.

ඊට අමාත්‍යවරයා මෙලෙස ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ පක්ෂ මහලේකම් දුමින්ද දිසානායකට සියලූදෙනාගේම සහය මේ වනවිට ලබාදී ඇති බවයි.
Related recommendation
Hiru TV News | Programmes