General17 November 2016

බැසිල්, මල් පොහොට්ටුවේ සාමාජිකත්වය ගනී

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා.

එම පක්ෂයේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමඟ තවත් කිහිපදෙනෙකුද ඊයේ (16) දිනයේ පක්ෂ සාමාජිකත්වය ලබාගත් බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සළකුණ මල්  පොහොට්ටුව වන අතර, එහි සභාපතිත්වය දරන්නේ හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්.

ඔහු එම පක්ෂයට එක්වීමත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔහුගේ පක්ෂ සාමාජිකත්වයද අත්හිටවනු ලැබුවා.
Related recommendation
Hiru TV News | Programmes