General01 August 2017

සහල් ආනයනය බදු අඩු කෙරේ

මේ දිනවල ප්‍රදේශ ගණනාවක පවතින නියඟය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ඉදිරි මාස දෙකකට රුපියල් පන්දහස බැගින් වූ අත්‍යවශ්‍ය ආහාර මල්ලක් බෙදාදීමට රජය තීරණය කර තිබෙනවා.

එසේම මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ආනයනික සහල් කිලෝග්‍රෑමයක් සඳහා පනවා තිබූ රුපියල් 5 ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ශත 25 දක්වා අඩු කිරීමටද අද රැස්වූ ජීවන වියදම් කමිටුව පියවර ගත් බවයි.

නව බදු මේ වසරේ දෙසැම්බර් 31 දක්වා බල පැවැත්වෙනවා.

එමෙන්ම ආනයනික තිරිඟු පිටි කිලෝග්‍රෑමයක සෙස් බද්ද රුපියල් 25 සිට 15 දක්වා අඩු කර ඇති අතර, තිරිඟු ඇට කිලෝග්‍රෑමයකට පනවා තිබූ බද්ද රුපියල් 9 සිට 6 දක්වා අඩුකර තිබෙනවා.

ආනයනික තෙත් මාළු සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 50 කින් අඩුකර ඇති අතර, කුකුළු කෑම සඳහා භාවිත කරන බඩ ඉරිඟු මත පනවා තිබූ සියලූ බදු ඉවත් කර රුපියල් 10 ක නව විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පමණක් පැනවූ බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

Related recommendation
Hiru TV News | Programmes