General28 January 2018

සම්බාහනය මුවාවෙන් ගණිකා වෘත්තියේ නියැලුනු 9 ක් අත්අඩංගුවට

වැලිකඩ පරණ කෝට්ටේ පාර ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙකක් වටලා කාන්තාවන් ඇතුලු 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රී වැලිකඩ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීම සිදුකර ඇත්තේ අලුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුවයි.

එහිදී එක් ගණිකා නිවාසයක් කළමණාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු සහ ගණිකා වෘත්තියේ යෙදීමට රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුනා.

අවුරුදු 39, 47 සහ 52 වයස්වල පසුවන සැකකරු සහ සැකකාරියන් බණ්ඩාරගම, අකුරම්බඩ සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශවල පදිංචිකරුවන්.

මේ අතර පරණ කෝට්ටේ පාර ප්‍රදේශයේදී සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය තවත් ගණිකා නිවාසයක් වටලා තිබෙනවා.

ඒ ඊයේ රාත්‍රී 9 ට පමණයි.

එය කළමණාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු සහ ගණිකා වෘත්තියේ යෙදී සිටීමට රැඳී සිටි කාන්තාවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනුනා.

අවුරුදු 26, 30, 35, 42 සහ 50 වයස්වල පසුවන ඔවුන් හෝකන්දර, ගොඩකවෙල, මහරගම, පොල්ගස්ඕවිට,දෙවිනුවර සහ පානදුර ප්‍රදේශවල දිංචිකරුවන්.

මෙම සැකකරුවන් සහ සැකකාරියන් හෙට අලුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes