General13 March 2018

කල්ලාරු හස්තියාගේ දළ යුගලය ළඟ තබාගත් පුද්ගලයින් අධිකරණයේදී වරද පිළිගනී

මියගිය කල්ලාරු ඇතාගේ දළ යුගලය නීතිවිරෝධීව ළඟ තබාගත් බවට චෝදනා එල්ලවී සිටි සැකකරුවන් තුන්දෙනා අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබෙනවා.

ඒ, ඔවුන් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල හමුවට අද (13) ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

එහිදී මහේස්ත්‍රාත්වරයා එක් අයෙකුට රුපියල් 75,000  බැගින් දඩ නියම කළ අතර, සැකකරුවන් තුන්දෙනාට මාස 6 බැගින් බරපතල වැඩසහිත සිර දඩුවම්ද නියම කළා.

අදාළ සිර දඩුවම වසර 5 කට අත්හිටුවන ලෙසයි එහිදී නියෝග කෙරුණේ.
Related recommendation
Hiru TV News | Programmes