General03 May 2018

පාසල් අවට දුම්වැටි අලෙවිය තහනම් කරන ගැසට් නිවේදනය කඩිනමින්

පාසල් අවට මීටර් 100 ක ප්‍රදේශයක් තුල දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීමේ රෙගුලාසි ඇතුලත් ගැසට් නිවේදනය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

අම්පාර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

අදාළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද මේ වන විට හිමිවී තිබෙනවා.

දුම්කොළ සඳහා බදු පැනවීම ඇතුලුව දුම්වැටි භාවිතය අවම කිරීමට ගත් ක්‍රියාමාර්ගවලට විවිධ බලපෑම් එල්ලවුව ද ඊට යටත් නොවු බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියාසිටියේ.
Related recommendation
Hiru TV News | Programmes