General10 February 2019

වන අලි පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

වැල්ලවාය - ඌව කුඩාඔය - තෙලූල්ල - 38 ප්‍රදේශයේදී වන අලියෙකුගේ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 54 හැවිරිදි තිදරු පියෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

ඔහු ඊයේ පස්වරුවේ දිවුල් ඇහිඳීමට නිවස ආසන්නයේ කැලෑබද ප්‍රදේශයට ගොස් ඇති අතර, අද උදෑසන වනතෙක් නොපැමිණීම හේතුවෙන් ගම්වාසීන් ඒ පිළිබඳව සොයා බලා තිබෙනවා.

අනතුරුවයි කැලෑබද ප්‍රදේශයේ තිබී වන අලියා පහරදී ඝාතනය කර තිබූ ඔහුගේ සිරුර සොයාගෙන ඇත්තේ.

Related recommendation
Hiru TV News | Programmes