General16 October 2019

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු කී රදගුරුතුමන් අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් වෙත ලද තොරතුරු රජයේ වගකිව යුතු පාර්ශ්වවලට ලබාදුන්නද ප්‍රහාරය වැළැක්වීමට කිසිදු පියවරක් නොගත් බවට හෙළිදරව් කළ මෙරට එංගලන්ත සභාවේ ගරු ග්‍රෙගරි ෆ්‍රැන්සිස් රදගුරුතුමන් කොටුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම රදගුරුතුමන් අදාළ හෙළිදරව්ව සිදුකළේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් වෙත ලද තොරතුරු පිළිබඳව ඊයේ කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ගරු ග්‍රෙගරි ෆ්‍රැන්සිස් රදගුරුතුමන් හෙළිදරව්වක් සිදුකළා.

කෙසේ වෙතත්, එම ප්‍රවෘත්ති සාකච්ඡාව අවසානයේ ඊයේ පස්වරුවේ කොටුව පොලිසිය විසින් එම රදගුරුතුමන්ව අත්අඩංගුවට ගෙන තිබුණේ ගල්කිස්ස ප්‍රදේශයේ පාසලකට සිසුවෙකු ඇතුලත් කිරීමේ සිද්ධියක් මුල්කර ගනිමින්.

අත්අඩංගුවට ගැණුනු ගරු ග්‍රෙගරි ෆ්‍රැන්සිස් රදගුරුතුමන් අද දින කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇපයක් මත මුදාහැරීමට කටයුතු කළා.

Related recommendation
Hiru TV News | Programmes