General27 June 2022

කටුනායක තවත් මනුෂ්‍ය ඝාතනයක්

කටුනායක පොලිස් වසමේ 18 කණුව ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

එලෙස ඝාතනය කර ඇත්තේ, කටුනායක, මෝලපාර ප්‍රදේශයේ තාවකාලික නිවසක පදිංචිව සිටි 41 හැවිරිදි පුද්ගලයෙක්.

ඊයේ (26) සවස් කාලයේදී පුද්ගලික ආරවුලක් දුරදිගයාම හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු අතර බහින් බස්වීමක් සිදුව ඇති අතර අනතුරුව එය ගැටුමක් දක්වා දුරදිග ගොස් තිබෙනවා.

එහිදී පුද්ගලයින් දෙදෙනකු විසින් අදාළ ඝාතනය සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළා.

සැකකරුවන් දෙදෙනා පොලිස් භාරයට ගෙන ඇති අතර ඝාතනය සඳහා යොදා ගත් තියුණු ආයුධය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
Related recommendation
Hiru TV News | Programmes