සිංගප්පූරුවට ආසන්න ජාත්‍යන්තර මුහුදේදී අනතුරට ලක්ව මුදාගත් යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 303 දෙනා මේ වනවිට වියට්නාමයේ හැනෝයි අගනුවරට කිලෝමීටර 1800ක් දුරින් පිහිටි වුන්ග් ටාඕ වරායට රැගෙනවිත් තිබෙනවා.
ඔවුන් ආපදාවට පත්ව සිටි ලේඩි ආර් ත්‍රී නැමති යාත්‍රාවෙන් මුදාගෙන මෙලෙස එම වරායට රැගෙනවිත් ඇති බවයි ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය කියා සිටියේ.
සිංගප්පූරුවට ආසන්න ජාත්‍යන්තර මුහුදේදී අනතුරට ලක්ව බේරා ගත් යාත්‍රාවේ සිටි 303 දෙනාම ශ්‍රී ලාංකිකයින් බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අතර ළමයින් විසිදෙනෙකු සිටින බවයි වාර්තා වන්නේ.
ඊයේ දිනයේ දී අදාළ යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයෙකු නාවික හමුදාව අමතා තමන් රැඳී සිටින යාත්‍රාව අනතුරට ලක්ව ඇති බවට දැනුම් දී තිබුණා.
පසුව කොළඹ සමූද්‍රීය ගලවාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මේ සම්බන්ධයෙන් සිංගප්පූරුව, වියට්නාමය සහ පිලිපීනය යන රටවල් වෙත දැනුම් දීමෙන් පසුවයි මෙම යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයින් පිරිස ඒ අසලින් ගමන් කරමින් තිබූ අදාළ ජපාන නෞකාවක් මගින් මුදා ගෙන ඇත්තේ.
මොවුන් මෙරට සිට වෙනත් රටවල් වෙත ගොස් මියන්මාරයේ සිට අදාළ යාත්‍රාවෙන් කැනඩාව දක්වා ගමන් කරමින් සිට ඇති බව සඳහන්.
යාත්‍රාව අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් යාත්‍රාව අතහැර ගොස් ඇති බව ද වාර්තා වනවා.
අප මේ පිළිබඳව වියට්නාමයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් කළ විමසීමකදී එහි නිලධාරියෙකු කියා සිටියේ මෙම පිරිස වියට්නාමයට රැගෙන ඒමෙන් පසු ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා බවයි.
මේ සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද ද සිල්වාගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ එම පිරිස ගමන් ගත් යාත්‍රාව ශ්‍රී ලංකාවට අයත් යාත්‍රාවක් නොවන බවයි.

Latest News
තහනම් සංවිධානයකට අයත් පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිර වූ පුද්ගලයා 02 වැනිදා දක්වා රිමාන්ඩ්
Local
19 August 2026
සැප්තැම්බර් සිට රථවාහන දඩ මුදල් ගෙවීම ඩිජිටල් ක්‍රමයට පමණයි
Local
19 August 2026
ප්‍රදේශ කිහිපයකට හෙට වැස්ස
Local
19 August 2026
කොටස් වෙළඳපොළ ඒකක 62.50කින් පහළට
Local
19 August 2026
අත්‍යවශ්‍ය ආනයනික භාණ්ඩ මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක්
Local
19 August 2026
'ගල්කටස්' ගිනිඅවියක් සමග තරුණයෙක් මාට්ටු
Local
19 August 2026
දැඩි මුදල් ප්‍රතිපත්ති හමුවේ බැංකුවල ණය ලබාදීමේ වර්ධනය මන්දගාමී වෙයි
Local
19 August 2026
මාර්ගයේ යනවිට 'සීට් බෙල්ට්' නැත්නම් පැමිණිලි කරන්න විශේෂ වට්ස්ඇප් අංකයක්!
Local
19 August 2026
2027 දෙවන භාගයේදී IMF වැඩසටහන සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාව සූදානම්
Local
19 August 2026
මහනුවර සුරුසැල් කිහිපයක් දින 10කට වැසේ
Local
19 August 2026