General25 August 2023

ජනප්‍රිය ළමා නිළියකගේ ඡායාරූප විකෘති කළ සිසුවාට ඇප

ජනප්‍රිය ළමා නිළියකගේ ඡායාරූපයක් වෙනත් නිරුවත් වීඩියෝ පටයකට එක්කර සංස්කරණය කරන ලද වීඩියෝවක් වට්සැප් සමූහයකට මුදා හැරී පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබෙනවා.

අදාළ ළමා නිළියගේ මව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගනක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කරන ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකට අනුවයි එම සිසුවා පෙරේදා අත්අඩංගුවට ගනු ලැබුවේ.

අදාළ සිසුවා බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි වියේ පසුවනවා.

මාර්ගගත ක්‍රමය ඔස්සේ උපකාර පංති සඳහා එක්වූ ඔහු තම මවගේ ජංගම දුරකථනයෙන් අදාළ වීඩියෝව වට්සැප් සමූහයකට මුදාහැර ඇති බවට කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබුණා.

එහෙත් අදාළ වීඩියෝව ඔහුට ලැබුණු ආකාරය පිළිබඳ කිසිවක් හෙළි කර නැහැ.
Related recommendation
Hiru TV News | Programmes