General21 January 2024

'විශ්ව බුද්ධ මුනි' භික්ෂූත්වයෙන් නෙරපයි (නිවේදන)

බුදු දහමට අපහාස සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (21) නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කළ රත්නපුරේ විමල බුද්ධි හෙවත් 'විශ්ව බුද්ධ මුනි' නැමැත්තා සාමණේරභාවයෙන් නෙරපීමට රාමඤ්ඤ නිකායේ කාරක සංඝ සභාව විසින් ඒකමතිකව තීරණය කර තිබෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක අති පූජ්‍ය මකුලෑවේ විමල නා හිමි විසින් මේ බව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වෙත දැනුම්දී තිබෙනවා.

එහිදී පසුගිය දෙසැම්බර් මස 15 වනදා පැවති රාමඤ්ඤ නිකායේ කාරක සංඝ සභාව විසින් ඒකමතිකව මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන්.

ඒ අනුව රත්නපුරේ විමල බුද්ධි හෙවත් 'විශ්ව බුද්ධ මුනි' නැමැත්තාගේ සාමණේර ලේඛනයත් උපසම්පදා ලේඛනයත් එම තීරණයත් සමග අවලංගු වෙනවා.

එසේම අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ශාසනයට සිදුකරන ලද අති විශාල හානිය පදනම් කරගනිමින් රත්නපුරේ විමලබුද්ධි නැමැත්තා රාමඤ්ඤ නිකායෙන් නෙරපීමට තීරණය කළ බවයි.

Related recommendation
Hiru TV News | Programmes