General24 September 2025

අර්කියා ගුවන් සේවය කොළඹට සෘජු ගුවන් ගමන් අරඹයි

ඊශ්‍රායලයේ අර්කියා ගුවන් සේවය අද (24) සිට කොළඹ සහ ටෙල් අවිව් අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කරන බව නිවේදනය කර තිබෙනවා.

මෙම ගුවන් ගමන් ප්‍රධාන වශයෙන් ඊශ්‍රායල සංචාරකයින් ඉලක්ක කර ගනිමින් සතියකට වරක් ක්‍රියාත්මක වනු ඇති.

අර්කියා ගුවන් සේවයට අයත් IZ 639 දරණ ගුවන් යානය සෑම අඟහරුවාදා දිනකම 18:30ට ටෙල් අවිව් ගුවන් තොටුපළින් පිටත්වී, ඊට පසු දින උදෑසන 06:15ට කොළඹ කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා වීමට නියමිතයි.

ඕමානය සහ මාලදිවයින හරහා ඊශ්‍රායල ගුවන් යානාවලට පවතින ගුවන් ගමන් තහනම හේතුවෙන් මෙම ගුවන් යානය සීෂෙල්ස් හරහා ගමන් කරනු ඇති අතර, ගුවන් ගමන් කාලය පැය 9යි මිනිත්තු 15ක් පමණ වනු ඇති.

මීට අමතරව, IZ 640 දරණ ගුවන් යානය සෑම බදාදා දිනකම 22:30ට කොළඹින් පිටත්වී, බ්‍රහස්පතින්දා උදෑසන 05:35ට ටෙල් අවිව් වෙත ළඟා වීමට නියමිත බවයි එම ගුවන් සේවය සඳහන් කරන්නේ.

ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් මීට පෙර ක්‍රියාත්මක වුව ද එය අත්හිටුවීමට සිදුවුණේ 2023 වසරේදී හමාස් සංවිධානයෙන් ඊශ්‍රායලයට පහරදීම හේතුවෙන්.  
Related recommendation
Hiru TV News | Programmes