
සෞඛ්‍ය ප්‍රතිලාභ ලබාගැනීම දෛනිකව ඇවිදිය යුතු පියවර සංඛ්‍යාව 7000ක් වීම ප්‍රමාණවත් බව නවතම විද්‍යාත්මක පර්යේෂණයකින් සොයාගෙන තිබෙනවා.
දිනකට පියවර 7,000 ක් ඇවිදීමෙන්, නිදන්ගත රෝග 06කට වඩා වැඩි ගණනක් වැළඳීමේ අවදානම මෙන්ම අකාලයේ මියයාමේ අවදානම ද සැලකිය යුතු ලෙස අඩු කරන බවයි පර්යේෂකයන් පෙන්වාදෙන්නේ.
දිනකට පියවර 10,000 ක් ඇවිදීම අත්‍යවශ්‍ය යැයි පැරණි මතය තිබුණද, එම සංඛ්‍යාව බොහෝ විට පදනම් වී ඇත්තේ දත්ත මත නොව pedometer අලෙවිකරණය සඳහා නිර්මාණය වූවක් බව විද්‍යාඥයින් සැක පළ කරනවා.
ඕස්ට්‍රේලියාව, එංගලන්තය සහ නෝර්වේහි විද්‍යාඥයින් විසින් කරන ලද සහ Lancet Public Health හි පළ වූ පත්‍රිකාවක් මඟින් මේ බව තහවුරු කරනවා.
සිඩ්නි විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය පර්යේෂිකාවක් සහ මෙම අධ්‍යයනයේ ප්‍රධාන කතුවරිය වන මෙලඩි ඩිං පවසන්නේ, මහජනයාට දැන් පියවර 7,000 ක ඉලක්කය ගැන විශ්වාසයකින් යුතුව කටයුතු කළ හැකි බවයි.
ඔවුන් විසින් වැඩිහිටියන් 160,000 ක් සම්බන්ධයෙන් කරන ලද දුසිම් ගණනක් වූ අධ්‍යයන හා විශ්ලේෂණයන්ගෙන් මේ බව අනාවරණය කරගෙන තිබුණා.
පියවර 2,000 ක් ඇවිදින පුද්ගලයන් හා සසඳන විට, දිනකට පියවර 7,000 ක් ඇවිදීමෙන් මරණ අනුපාතය අඩකින් පමණ අඩු වීම, ඩිමෙන්ශියා අවදානම 38% කින් අඩු වීම, හෘද වාහිනී රෝග අවදානම 25% කින් අඩු වීම සහ හිටිහැටියේ ඇද වැටීම් 28% කින් අඩු වීම යනාදියට සිදුවන්නේ යහපත් බලපෑමක්.
දියවැඩියාව (type 2 diabetes) සහ මානසික අවපීඩනය (depression) සඳහා වන අවදානම් ද පියවර 7,000 ළඟා කර ගැනීමෙන් අඩු වන බව ඔවුන් සඳහන් කරනවා.
පියවර 10,000 ක් ඇවිදීම තවමත් පිළිකා මරණ සහ ඩිමෙන්ශියා වැනි තත්වයන් කිහිපයක් සඳහා වඩාත් අඩු අවදානමක් ඇතිකරන නමුත්, පියවර 7,000 ක් ඇවිදීමෙන් වඩැ වැඩි ප්‍රතිඵලයක් ලබාගත හැකි බව පර්යේෂකයන් සොයා ගත්තා.
වර්ගය 2 දියවැඩියාව වැළැක්වීම ඇතුළු අනෙකුත් සෞඛ්‍ය මිනුම් බොහොමයක් සඳහා අමතර පියවර 3,000 කින් අමතර වාසි අත්පත් කර නොගන්නා බව ද වාර්තා වනවා.
කෙසේවෙතත්, වඩාත් ක්‍රියාශීලී පුද්ගලයින් සඳහා පියවර 10,000 තවමත් හොඳ ඉලක්කයක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
සෞඛ්‍ය ප්‍රතිලාභ ලබාගැනීම සඳහා විවිධ හේතු සිදුවන තෙක් බලා නොසිට, වහාම ඇවිදීම ආරම්භ කරන ලෙස පර්යේෂකයෝ නිර්දේශ කරනවා.
Latest News
මහ වැස්සෙන් 2ක් මරුට -දිස්ත්‍රික් 6කට පීඩා -වැස්ස මිලිමීටර් 200 පනී
රුපියල් 25000ක අල්ලසක් ලබාගත් බව කියන ගොවිජන සේවා කාර්යාලයේ ප්‍රාදේශීය සංවර්ධන නිළධාරියාට ඇප

හිටපු බුද්ධි අංශ නිලධාරී මද්දුමගේ ගේ අතුරු නියෝගය ලබන 11 වැනිදා

මහ වැස්සේ හැඩ වැඩ දාන දියලුම

අකුණු සහ තද සුළං එනවා පරිස්සම් වෙන්න

බාල බෙහෙත් නඩුව: ඖෂධ සමාගමේ හිමිකරු අත්අඩංගුවට ගන්නවාද නැද්ද විරෝධතා

රුහුණු විශ්වවිද්‍යාලයේ ගැටුමට සිසුන් 21ක් රිමාන්ඩ්

බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අදත් අවලංගුයි

වයස 15න් පහළ තෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට්: හෙට්ටිමුල්ල බණ්ඩාරනායක මහා විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට

දැදුරු ඔය ආශ්‍රිතව නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ
