කොතලාවල උයන්වත්ත වැවේ ගිලී විවාහක පුද්ගලයෙක් ඊයේ (24) මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය පවසනවා.
මියගිය පුද්ගලයා ඉංගිරිය, ඇඳුරාගල ප්‍රදේශයේ පදිංචිව සිටි හොරණ නගර සභාවේ ලිපිකරුවකු ලෙස සේවය කළ සජිත් රසාංග නමැති 34 හැවිරිදි පුද්ගලයෙක්.
මරණකරු රැකියාවට ගොස් නිවෙසට පැමිණ අවශ්‍යතාවයක් සඳහා නිවසින් පිටව නැවතට නිවෙසට නොපැමිණීම සම්බන්ධයෙන් සහෝදරයකු විසින් ඔහු සෙවීමේදී ඔහුට අයත් යතුරුපැදිය කොතලාවල උයන්වත්ත වැවේ සොරව්ව අසල තිබී දැක තිබුණා.
පසුව පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව කිමිඳුම්කරුවන් යොදා සිදු කළ පරික්ෂාවේදී දිය යට තිබී මළ සිරුර සොයා ගත් බව පොලිසිය පවසනවා.
මියගිය පුද්ගලයා මානසික රෝගයකට ප්‍රතිකාර ලබා ගන්නා අයකු බවද ඔහුගේ බිරිඳගේ ප්‍රකාශයකින් අනාවරණය වී යැයි පොලිසිය සඳහන් කරනවා.
මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගොඩගෙන හොරණ මහ රෝහල වෙත යොමු කළ බව පොලිසිය සඳහන් කරනවා.
බණ්ඩාරගම පොලිසිය පරීක්ෂණ පවත්වනවා.
Latest News
කේරල ගංජා මහා ජාවාරමෙක් කොටු
රන් පැහැ සමාධි බුදු පිළිම 07ක් සමග දෙදෙනෙක් අල්ලයි
මහියංගන රජ මහා විහාරයේ තඹ බුදු පිළිමය ඉස්සූ නරුමයන් සොයා විමර්ශන
නිදන් හාරන්න ගිය පස්දෙනාම මාට්ටු
ශ්‍රී පාදය වඳින්නට අවාරයේ පා ගමනින් යන රණවිරුවා
හොරණ නගර සභාවේ ලිපිකරුවෙක් කොතලාවල වැවේ ගිලී මිය යයි
ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් දෙකක්
දකුණු ආසියානු මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට රන් සහ රිදී පදක්කම් (Update)
"අද රටේ තියෙන්නේ මිනිස් ජීවිත විනාශ කරන පාතාල සංස්කෘතියක්" - සජිත්
වැලිගම සභාපති ආරක්ෂාව ඉල්ලූ ලිපිය ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්