General25 October 2025

ශ්‍රී පාදය වඳින්නට අවාරයේ පා ගමනින් යන රණවිරුවා

අවාරයේ ශ්‍රීපාද උඩ මළුව දක්වා දින ගණනාවක් පා ගමනින් යන යුද හමුදා විශ්‍රාමික පී.ජී ධර්මතිලක (24) දින නෝර්ටන්බ්‍රිජ් නගරයට පැමිණ තිබුණා.

මහනුවර තලාතුඔය ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථානයෙන් ඉකුත් (22) දින ගමන් ආරම්භ කළ ධර්මතිලක තලාතුඔය මහවංගුව, මොරගොල්ල, ශ්‍රියාගම, ගලහ, දොළුව, ගම්පොළ, නාවලපිටිය, ගිනිගත්හේන, දියගල, නෝර්ටන්බ්‍රිජ්, මාවුස්සාකැලේ හරහා කිලෝමීටර් 103ක් දුර ගෙවා සැප්තැම්බර් 26වැනි දින උදෑසන ශ්‍රීපාද උඩ මළුව වෙත ළඟාවීම ඔහුගේ අපේක්ෂාවයි.

ශ්‍රීලංකා යුද හමුදා කාලතුවක්කු රෙජිමේන්තුවේ වසර 26ක් සේවය කර දැනට විශ්‍රාම සුවයෙන් පසුවන පී.ජී ධර්මතිලක මේ වන විට 58 වන වියේ පසුවෙයි.

පවුලේ සාමාජිකයන් සමඟ ශ්‍රීපාද සමයේදි පින්කම් රැසක් සිදු කරන ධර්මතිලක මීළග ශ්‍රී පාද වන්දනාවාරයට ප්‍රථම පා ගමනින් ගොස් ශ්‍රී පාදස්ථානය කරුණා කරන බවට සිතේ ඇති වූ අධිෂ්ඨානයක් මත තනිවම මෙම තීරණය ගෙන තිබුණා.

ඒ අනුව, ශ්‍රීපාදස්ථාන උඩ මළුව දක්වා පා ගමනින් ගොස් සමන් දේව ආශිර්වාදය ලබා ගන්නා බව ඔහු පැවසුවා.

Related Recommends
Hiru TV News | Programmes