UPDATE: (24/10) 10.34 P.M.
ඉන්දියාවේදී පැවැත්වෙන 2025 දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට තවත් රන් සහ රිදී පදක්කම් හිමි වී තිබෙනවා.
කාන්තා තුන් පිම්ම ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට මදුෂානි හේරත් සමත් වූ අතර,. ඇය මීටර 13.26ක දක්ෂතාවක් දක්වමින් මෙම ඉසව්වේ ජය වාර්තා කළා.
එමෙන්ම, මීටර 400x4 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඔවුන් මෙම ඉසව්ව තත්පර 3.20.85ක කාලයකින් අවසන් කළා.
================
UPDATE: (24/10) 10.15 P.M.
2025 දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා මීටර 100 ධාවන ඉසව්වේ රන් සහ රිදී පදක්කම් ද්විත්වයම දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
මෙම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ සාෆියා යාමික් වන අතර, ඇය තත්පර 11.53ක දක්ෂතාවක් වාර්තා කළා.
එමෙන්ම, ශ්‍රී ලංකාව නියෝජනය කළ අමාෂා ද සිල්වා තත්පර 11.72ක කාලයක් වාර්තා කරමින් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වුණා.
================
UPDATE: (24/10) 09.55 P.M.
2025 දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී පිරිමි මීටර 100 ධාවන ඉසව්ව ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක් දිනා ගැනීමට චමෝද් යෝධසිංහ සමත් වුණා.
ඒ මෙම ඉසව්ව තත්පර 10.30ක කාලයකින් අවසන් කරමින්.
================
2025 දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට හිමි වූ පළමු රන් පදක්කම දිනා ගැනීමට පසිඳු මල්ෂාන් සමත් වී තිබෙනවා.
ඒ, ඔහු පිරිමි ත්‍රිත්ව පැනීමේ ඉසව්ව ජයගැනීමෙන්.
මල්ෂාන් මීටර 16.19ක දක්ෂතාවක් දක්වමින් මෙම ඉසව්වේ ජය වාර්තා කළ අතර, එය මෙවර ශූරතාවලියේ ශ්‍රී ලංකාව ලබා ගත් ප්‍රථම රන් පදක්කම වීම විශේෂත්වයක්.
එමෙන්ම, දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට තවත් පදක්කමක් එක් කිරීමට වික්නරාජ් වක්ෂා සමත් වුණා.
ඒ, පිරිමි මීටර 5,000 ධාවන ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමෙන්.

Latest News
කේරල ගංජා මහා ජාවාරමෙක් කොටු
Local
25 October 2025
රන් පැහැ සමාධි බුදු පිළිම 07ක් සමග දෙදෙනෙක් අල්ලයි
Local
25 October 2025
මහියංගන රජ මහා විහාරයේ තඹ බුදු පිළිමය ඉස්සූ නරුමයන් සොයා විමර්ශන
Local
25 October 2025
නිදන් හාරන්න ගිය පස්දෙනාම මාට්ටු
Local
25 October 2025
ශ්‍රී පාදය වඳින්නට අවාරයේ පා ගමනින් යන රණවිරුවා
Local
25 October 2025
හොරණ නගර සභාවේ ලිපිකරුවෙක් කොතලාවල වැවේ ගිලී මිය යයි
Local
25 October 2025
ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් දෙකක්
Local
24 October 2025
දකුණු ආසියානු මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට රන් සහ රිදී පදක්කම් (Update)
Local
24 October 2025
"අද රටේ තියෙන්නේ මිනිස් ජීවිත විනාශ කරන පාතාල සංස්කෘතියක්" - සජිත්
Local
24 October 2025
වැලිගම සභාපති ආරක්ෂාව ඉල්ලූ ලිපිය ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්
Local
24 October 2025