මහනුවර අලවතුගොඩ පොලිස් වසමේ රඹුකේවෙල සහ පේරාදෙණිය පොලිස් වසමේ සරසවිගම නාය යාම්වලින් මියගිය 24 දෙනකුගේ මළ සිරුරු සොයා ගෙන තිබෙනවා.
අතුරුදන් වූ බවට සැක කෙරෙන තවත් 45 දෙනකු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇත.
රඹුකේඇල මුදුනේකඩේ ප්‍රදේශයේ සිදු වී අති නාය යෑමෙන් පවුල් 15කට අයත් පුද්ගලයින් 43 දෙනකු අතුරුදන්ව සිටි අතර අද (30) පෙරවරුව වනවිට මළ සිරුරු 10 ක් සොයා ගත් බව පොලීසිය පවසනවා.
ශ්‍රී ලංකා යුද හමුදාව, පොලීසිය සහ ප්‍රදේශවාසින් එක්ව අතුරුදන්වූවන් සොයා මෙහෙයුම් ආරමභ කර තිබෙනවා.
මෙම ප්‍රදේශය නාය යෑමේ දැඩි අවදාවම් සහිත ප්‍රදේශයක් බවත් වරින් වර ඉවත් වීමේ නිවේදන නිකුත් කර ඇති බවත් මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසනවා.
පස් කන්දට යටවූ පිරිස් අතර එකම පවුලේ 15 දෙනෙකු පමණ සිටින බව වාර්තාවේ.
ඇතැම් පිරිස් තමා පදිංචි නිවස අවදානම් සහිත වීම හේතුවෙන් නායට හසුවූ ඥාති නිවෙස්වලට පැමිණි අවස්ථාවේ මෙම අපදාවට ලක්ව ඇති බවත් ප්‍රදේශවාසිහු පවසනවා.
මෙම ආපදාවට ලක් වූ ප්‍රදේශය නිරීක්ෂණය සඳහා ගිය මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රියාස් ෆාරුක් සඳහන් කළේ අනපේක්ෂිත අයුරින් මෙම ආපදාව සිදුව ඇති බවත් මේ නිසා පස් කඳුවලට පුද්ගලයින් 43 දෙනකු යටව ඇති බවත්ය.
ඔවුන් සොයා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක වන බවත් මන්ත්‍රීවරයා කීය.
සරසවිගම නිවාස 10 ක් පමණ නාය ගොස් තිබෙන අතර මළ සිරරු 14 ක් සොයා ගත් බව පේරාදෙණිය පොලීසිය පවසයි.
Latest News
සූපවේදීන්ගේ ලෝක මට්ටමේ තරගයකදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්
Local
28 June 2026
ප්රංශයේදී කුඩා ගුවන් යානයක් කඩා වැටී 11ක් මරුට
Local
28 June 2026
සෞදි අරාබියේදී හෙලිකොප්ටරයක් කඩා වැටෙයි: 14ක් මරුට
Local
28 June 2026
සර්බියානු ජනපති ඉල්ලා අස්වීමට තීරණය කරයි
Local
28 June 2026
දැඩි උෂ්ණත්වය හේතුවෙන් ප්රංශයේ පුද්ගලයින් 1,000ක් අකාලයේ ජීවිතක්ෂයට
Local
28 June 2026
සර්බියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුසික් ඉල්ලා අස්වීමට සැරසෙයි
Local
28 June 2026
අද සිට ජූනි 30 දක්වා මත්පැන්සල් වැසේ: අනුරාධපුරයේ කොට්ඨාශ 4කට විශේෂ නියෝගයක්
Local
28 June 2026
පොහොයට මස් විකුණන්න ගිය ගව ඝාතකාගාරයක් වටලයි
Local
28 June 2026
හිරු ශ්රද්ධාභිවන්ඳනා වැඩසටහන හෙට ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේදී සම්බුදු සසුනේ චිරපැවැත්ම වෙනුවෙන් කුළ දරුවන් සසුන්ගත කිරීමේ හිරු ශාසනාවතරණය ඇතුළු උතුම් පිංකම් මාලාවක් දවස පුරා
Local
28 June 2026
තද සුළං සහ රළු මුහුද ගැන අවවාදාත්මක නිවේදනයක්
Local
28 June 2026