General03 February 2026

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (03) රැස්වීමට නියමිතයි.

එහි සභාපති කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් අද දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී එය රැස්වීමට පැවැත්වෙනු ඇති.

එහිදී විගණකාධිපති තනතුර සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරන ලද නම පිළිබඳ අවදානය යොමු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

විගණකාධිපති ධූරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක කර ඇති නිර්දේශ සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 30 වැනිදා රැස්ව තිබුණා.

එහෙත් එහිදී මේ සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොතිබුණු අතර එය අද පැවැත්වෙන එම සභාවේ මීළඟ රැස්වීම දක්වා කල් දැමුණා.
Related recommendation
Hiru TV News | Programmes