ලෙබනනයේ අගනුවරට බෝම්බ වර්ෂාවක් එල්ල වෙද්දී, සිය ගණනක් ජනයා බීරූට්හි අමෙරිකානු විශ්වවිද්‍යාල රෝහල (AUB) වෙත ඇදී එන්නට වුණා.
සිය දෙමාපියන්, සහෝදර සහෝදරියන් ජීවතුන් අතර සිටිනවාද යන්න පවා නොදැන දරුවන් ඔවුන්ව සොයමින් සිටිනු දක්නට ලැබුණු බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
අමෙරිකාව සහ ඉරානය අතර ඇති කරගත් සටන් විරාම ගිවිසුමට ලෙබනනය ද ඇතුළත් වනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු තබා සිටියද, ඊශ්‍රායල හමුදා පසුගිය බදාදා මිනිත්තු 10ක් ඇතුළත රට පුරා ඉලක්ක 100කට අධික සංඛ්‍යාවකට බෝම්බ ප්‍රහාර එල්ල කළා.
"පැයකට අඩු කාලයකදී අපට තුවාල ලැබූවන් 76 දෙනෙකු පමණ ලැබුණා. අවාසනාවකට ඉන් හය දෙනෙකු බේරා ගැනීමට අපට හැකි වුණේ නැහැ," යැයි එම රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය සලා සයිනෙල්ඩින් අල් ජසීරා පුවත් සේවයට පවසා තිබෙනවා.
ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ මූලික වාර්තාවලට අනුව, බදාදා එල්ල වූ ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 303 දක්වා ඉහළ ගොස් ඇති අතර, තුවාල ලැබූ සංඛ්‍යාව 1,150ක්.
වෛද්‍ය සයිනෙල්ඩින් සඳහන් කළේ, රෝහලට රැගෙන ආ බරපතල තුවාල ලැබූවන් අතර වැඩි පිරිසක් දරුවන් බවයි.
වැඩිමහල් දරුවා අවුරුදු 12ක් වූ අතර, දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමට සිදු වූ අනෙක් රෝගීන් දෙදෙනා මාස කිහිපයක් සහ සති කිහිපයක් වයසැති බිළිඳුන්.
ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව මියගිය පිරිස අතර අවම වශයෙන් කාන්තාවන්, ළමුන් සහ වැඩිහිටියන් 110 දෙනෙකු සිටිනවා.
පිපිරුම් හේතුවෙන් ගොඩනැගිලි කඩා වැටීමෙන් ඒවාට යටවීම නිසා සිදු වූ අස්ථි බිඳීම් සහ හිසට සිදු වූ බරපතල තුවාල මරණවලට ප්‍රධාන හේතු වී ඇති බවට සඳහන්.

Latest News
යේමනයේ සියලුම ගුවන් තොටුපළවල් වහාම වසා දැමීමට රජයෙන් නියෝග
Local
14 July 2026
ලංකාවේ උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළට: වසර 10කදී සජීවී උපත් 120,000කින් අඩු වෙයි
Local
13 July 2026
දිස්ත්‍රික්ක 07ක, කොට්ඨාස 175ක් තවමත් ඩෙංගු අධි අවදානමේ
Local
13 July 2026
ග්‍රීක බැඳුම්කර නඩුවේ කබ්රාල්ගේ මූලික විරෝධතා ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි: පූර්ණ විභාගය ජූලි 20 ඇරඹේ
Local
13 July 2026
මුදල් විශුද්ධිකරණ පනත යටතේ මහා පරිමාණ ජාලයක තවත් සැකකරුවෙකු කොටු
Local
13 July 2026
ඩුබායි වරුණගේ මත්ද්‍රව්‍ය ජාලයේ තරුණයෙක් අයිස් කිලෝ 9ක් සහ ආයුධ තොගයක් සමග එස්ටීඑෆ් දැලේ
Local
13 July 2026
හොර්මුස් සන්ධියේ ආරක්ෂාව ඇමරිකාව අතට ගනිමින් 20%ක බද්දක් ගහයි
Local
13 July 2026
ලංකාවේ පිරිමින් අතර HIV ඒඩ්ස් අවදානම ඉහළට ; සමලිංගික සබඳතා වැඩි වීම ප්‍රධානතම හේතුවයි
Local
13 July 2026
වැලි ජාවාරම්කරුවන් වැටලීමට ගිය STF නිලධාරියෙක් මහවැලි ගඟේ ගිලී මරුට
Local
13 July 2026
න්‍යෂ්ටික පරීක්ෂණ ඉරානය ප්‍රතික්ෂේප කරයි
Local
13 July 2026