General12 April 2026

මාරක රිය අනතුරකින් 19 හැවිරිදි තරුණයෙක් මරුට

සීදූව, කොටුගොඩ මාර්ගයේ ඊයේ (11) රාත්‍රී සිදු වූ දරුණු රිය අනතුරකින් 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි සීදුව පොලිසිය පවසනවා.

සීදූව දෙස සිට කොටුගොඩ දෙසට ධාවනය වූ යතුරුපැදියක්, ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුර සිදුව ඇත්තේ සීදූව - කොටුගොඩ මාර්ගයේ කිලෝමීටර් 03 කණුව ආසන්නයේදී වන අතර, අනතුරින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා තිබු බවත්, එහිද ඔහුව සීදූව විජය කුමාරතුංග රෝහලට ඇතුළත් කර ඇති බවත් පොසිලිසිය සඳහන් කරනවා.

එම තරුණයා රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇති බව ද වාර්තා වෙනවා.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ මීගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙක්.

අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියැදුරු මේ වන විට සීදූව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මියගිය තරුණයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සීදූව පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබනවා.
Related recommendation
Hiru TV News | Programmes