ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වූ උත්සවයකදී සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම ඉන්දියාව දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එම ප්‍රහාරය දැඩිව හෙළා දුටු බවයි.
"ප්රජාතන්ත්රවාදය තුළ ප්‍රචණ්ඩත්වයට ඉඩක් නැත" යනුවෙන් සිය X ගිණුමේ සටහනක් තබමින් අග්‍රාමාත්‍ය මෝදි පවසා තිබෙනවා.
එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ට්‍රම්ප් ආරක්ෂිතව සිටින බව දැන ගැනීමෙන් තමා සැනසීමට පත් වූ බවයි.
ඉකුත් සෙනසුරාදා රාත්‍රියේ පැවති ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමයේ වාර්ෂික රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර වෙඩි හඬ ඇසීමත් සමඟ ඇමරිකානු ජනාධිපතිවරයා, ඔහුගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප්, උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සහ අනෙකුත් ඉහළ පෙළේ ධවල මන්දිර නිලධාරීන් එම ස්ථානයෙන් ඉවත් කර තිබුණා.
"වොෂින්ටන් ඩීසී හෝටලයක වූ එම සිදුවීමෙන් පසු ජනාධිපති ට්‍රම්ප්, ජනාධිපති බිරිඳ සහ උප ජනාධිපතිවරයා නිරුපද්‍රිතව සහ ආරක්ෂිතව සිටින බව දැන ගැනීමෙන් සැනසුමක් දැනේ. ඔවුන්ගේ අඛණ්ඩ ආරක්ෂාව සහ යහපැවැත්ම සඳහා මම මගේ සුබ පැතුම් පිරිනමමි. ප්රජාතන්ත්රවාදය තුළ ප්‍රචණ්ඩත්වයට ඉඩක් නොමැති අතර එය නිසැකවම හෙළා දැකිය යුතුය," යනුවෙන් X සටහනේ සඳහන්.

Latest News
අද පස්වරුවේ දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි
Local
12 July 2026
ඉරාන ඉලක්ක වෙත අමෙරිකාවෙන් තෙවැනි වරටත් ප්‍රහාර
Local
12 July 2026
ඉරානයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට පියවර
Local
12 July 2026
පාපන්දු ලෝක කුසලානයට ක්‍රීඩා කළ ද. අප්‍රිකානු ක්‍රීඩක ජේඩන් ඇඩම්ස් හදිසියේම මෙලොව හැරයයි : මරණය ගැන පොලිස් පරීක්ෂණයක්
Local
12 July 2026
දකුණු ඉන්දීය සිනමාවේ ස්වර්ණමය හඬ, ප්‍රවීණ ගායිකා එස්. ජානකී අභාවප්‍රාප්ත වෙයි
Local
12 July 2026
විම්බල්ඩන් කිරුළ ලින්ඩා නොස්කෝවාට
Local
12 July 2026
ඉන්දියාවට දරුණු පසුබෑමක් : T20 තරගාවලිය 4-0කින් ජය එංගලන්තයට
Local
11 July 2026
55 වැනි හිරු ජෝන් ටාර්බට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ නැගෙනහිර පළාත් සහ පොළොන්නරු දිස්ත්‍රික් තරග ඇරඹේ
Local
11 July 2026
ජූලි මාසයේ මුල් දින 10ට ඩෙංගු රෝගීන් 11,000 පනී : දිවයිනේ අධි අවදානම් කලාප 175ක් දක්වා ඉහළට
Local
11 July 2026
මතුගම වෙඩි තැබීමක්
Local
11 July 2026