මුදල් අමාත්‍යාංශයේ ගිණුම්වලින් මුදල් අවභාවිත වීම 'හැක් කිරීමක්' නොව රජය විසින් සිදුකරන ලද මහා පරිමාණ වංචාවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
අද දින තංගල්ලේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු අවධාරණය කළේ, තමන්ගේ හොරකම් වසා ගැනීමට අන් අයට 'හොරා' යැයි පවසන පික්පොකට් න්‍යාය වත්මන් රජය අනුගමනය කරන බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේ ද පැවසුවා.
“හැක් කරපු කෙනා කෝල් කරලා කියලා මං දැන් ඔයාගේ ගිණුම හැක් කරන්න යන්නේ අනේ කරුණාකරලා මේ ලියුම් ටිකට අත්සන් කරලා එවන්න කියලා කියලා තමයි අත්සන ගස්වගෙන තියෙන්නේ.
පැහැදිලිවම ආණ්ඩුවේ නොහැකියාව අර පික්පොකොට් ක්‍රමය. පිප්පොකට් ගහලා පික්පොකට්කාරයම දුවනවා පාරෙ හොරෙක් කියලා. ඒ න්‍යාය දැන් ආණ්ඩුවට වැරදීගෙන යනවා. මොකද ආණ්ඩුව මෙච්චර කල් කරේ ඒක තමන්ගේ හොරකම වහගන්න අනිත් අයට හොරා කිව්වා.
දැන් අද වෙනකොට රට නෙවෙයි මුළු ලෝකයම දන්නවා එක පැත්තකින් වරායෙන් කන්ටේනර් 323 ක් පැන්නුවා බාල ගල් අඟුරු ගෙනාවා ලෝකෙ වැඩිම මුදලක් ගෙවලා තෙල් නැවක් ගත්ත බවට ඉතිහාස ගත වෙලා. මේක මේ මැද පෙරදිග අර්බුද කාලසීමාවේදී මැදපෙරදිග අර්බුද කාලසීමාවේදී වැඩිම කොමිෂන් එකක් දීලා වැඩිම මිලක් දීලා තෙල් ගත්ත රට බවට පත් උනා විතරක් නෙවෙයි දැන් කියනව තමන්ගේ මුදල් අමාත්‍යංශයෙනුත් සල්ලි හොරකම් කරලා කියලා.
දැන් හැකර් හැක් කරා කියලනෙ කියන්නේ ඉතින් මෙහෙම හැක් කරනවා කියලා ලෝකෙ කිසිම රටක අහල නෑ. හැකර් හැක් කරපු කෙනා කෝල් කරලා කියලා මං දැන් ඔයාගේ ගිණුම හැක් කරන්න යන්නේ අනේ කරුණාකරලා මේ ලියුම් ටිකට අත්සන් කරලා එවන්න කියලා කියලා තමයි අත්සන ගස්වගෙන තියෙන්නේ.පැහැදිලිවම මේ හැක් කිරීමක් නෙවෙයි මේක වංචාවක් ආණ්ඩුව මේකට වගකිවයුතු විතරක් නෙවෙයි මුදල් ලේකම්වරයා ජනාධිපතිවරයා මුදල් ඇමතිවරයා විදියට මේ පිළිබඳව වගකීම බාරගන්න ඕන සහ මේක ඔවුන්ගේ සථාවරය පැහැදිලිවම රටට කියන්න ඕන.
මේ වෙනකන් ඇයි නීතියමය ක්‍රියාමාර්ග ගත්තේ නැත්තේ. දැන් එක වෙලාවක කියනවා හැකර් හැංගේවි කියලලු. දැන් හැකර් හැංගේවි කියලා හොරාට මාස අටක් හංගන් ඉඳලා පරීක්ෂණ කරන්නේ නැතුව. ඇයි හැකර් හැංගෙන හින්දා.
තව දුරටත් රටේ ජනතාවට බොරු කියන්න එපා. මේ රටේ ජනතාවගේ බදු මුදල්. එක පැත්තකින් විදේශ රටවල වැඩ කරන අය මේ රටට එවන විදේශ විනිමය දිට්වා සුළි කුණාටුව වෙලාවේ අපේ ශ්‍රී ලංකා ඩයස්පෝරාවේ එකතු කරල එවපු ආධාර මේ ඔක්කොම තියෙන්නේ ඔය ගිණුම ඇතුලේ.
දැන් ඒ ටිකවත් ආරක්ෂා කරගන්න බැරි නම් RDA එකත් කියනවා නම් තමන් කොන්ත්‍රාත් සමාගම්වලට දෙපාරක් ගෙවලා කියලා. දැන් එක පාරක් නෙවෙයි. මාස ගණනාවක් තිස්සේ ගෙවීම් නොකරපු ආයතන බොහෝමයක් තියෙනවා හැබැයි සමහර සමාගම්වලට දෙපාරක් ගෙවලා තියෙනවා.
පැහැදිලිවම ආණ්ඩුවේ නොහැකියාව සහ ආණ්ඩුවේ වංචාව. ඉතින් අද රටේ ජනතාවට වෙච්ච පොරොන්දු ඉෂ්ට කරන්නේ නැතුව රටේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්නේ නැතුව ආණ්ඩුව තමන්ගේ න්‍යාය පත්රයකට අනුව තමන්ගේ වංචා හා දූෂණ තවදුරටත් කරමින් අර පික්පොකට්කාරයෝ වගේ අනිත් අයට ඇඟිල්ල දික් කරමින් ඉන්නවා.
හොරුන්ට කල් දෙනව නෙවෙයි පැහැදිලිව ආණ්ඩුව හොරුන් ඉන්නේ ආණ්ඩුව ඇතුලේ ආයේ හොරෙක්ට කල් දෙන්න දෙයක් නැහැ.පරීක්ෂණ කටයුතුවලින් බේරිලා යන්න ආණ්ඩුව ඇතුලේ ඉන්නේ මොකද මුදල් ඇමතිවරයාගේ අත්සන නැතුව ඔය ගෙවීම කරන්න බෑනේ. අනික මහ බැංකුවක් තියෙනවා. මහ බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් ඔය සම්බන්ධයෙන් අහලා තියෙනවා ගෙවන්න කියලත් තියෙනවා. ඉතිං ආණ්ඩුව ඇතුලේ තමයි හොරා ඉන්නේ. අපි පැහැදිලිවම කිව්වා මේක සංවිධානාත්මක අපරාධකරුවන් පෝෂණය කරන ආණ්ඩුවක් කියලා. ඒක අද සමාජයට දිනෙන් දින සනාථ වෙනවා.
මොකද ආණ්ඩුවේ වගකීම් දීලා සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගන්න කියලා බාර දීපු මාලිමාවේ පොලිස් නිලධාරීන් අද වෙනත් සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ ගනුදෙනු කරලා කියලා අනාවරණය වෙලා තියෙනවා. ඒ පිළිබඳව කරුණු අනාවරණය කරන්නත් උත්සාහ කරනවා. සමහරුන්ට විදේශගත වීමත් තහනම් කරලා තියෙනවා. ඒ මේ මාලිමාවේ පොලිසියේ ඉහළ පුටුවල වාඩිවෙලා ඉන්න නිලධාරීන් ඉතින් ඒ විදිහට තමයි පොලිස්පතිවරයාත් ආණ්ඩුවට ඕන විදිහට කඩේ යන්නේ.
වරාය තමන්ගේ හිතවතුන්ගේ කන්ටේනර් පන්නනවා තමන්ට හිතවත් ව් ව්‍යාපාරිකයන්ට අසීමිත ලාභයක් උපයන්න මිල වැඩි කරල දෙනවා හාල් පිටරටින් ගෙනල්ලා දෙනවා.
තවත් පැත්තෙකින් ලෝකෙම වැඩිම මිලක් දීලා තෙල් මිලදී ගන්නවා. ඇයි ඒ කාට ලාභයක් දෙන්නද? ගල් අඟුරු ගත්තත් ගල් අඟුරු බාලයි කියලා දැන දැනත් ගල් අඟුරු ටික ලංකාවට ගේනවා. ඒ සමාගමට තවත් ටෙන්ඩරයක් දෙන්න හදනවා. ඒ කාල සීමාව ඇතුළත ඉතින් පැහැදිලිවම මේ හැම දෙයක්ම පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුව.”
Latest News
මාලදිවයිනේ සහ වියට්නාමයේ ජනාධිපතිවරුන් මෙරට සංචාරයක
Local
29 April 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අමාත්‍යාංශය යටතට - ෂම්මි සිල්වා ඇතුළු විධායක කමිටුවේ ඉල්ලා අස්වීම අමාත්‍යවරයා පිළිගනියි
Local
29 April 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ඇතුළු විධායක කමිටුව ඉල්ලා අස්වෙයි
Local
29 April 2026
අස්වැසුම ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කෙරේ
Local
29 April 2026
ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයක් අද පත්වන ලකුණු
Local
29 April 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනාට ඇප
Local
29 April 2026
"හැකර් කෝල් කරලා කියලා දැන් ගිණුම හැක් කරන්න යන්නේ කියලා - මේ ආණ්ඩුවේ තියෙන්නේ පික්පොකට් න්‍යාය " - නාමල් රාජපක්ෂ
Local
29 April 2026
'' සරම්ප යැයි සැක නම් වහාම වාර්තා කරන්න'' සෞඛ්‍ය අංශවලින් විශේෂ දැනුම්දීමක්
Local
29 April 2026
විදුලි ගාස්තු යළි ඉහළ නැංවීමේ යෝජනාවක් මහජන උපයෝගිතා කොමිසමට: අවසන් තීරණය මැයි 9 වැනිදා
Local
29 April 2026
භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් පරීක්ෂා කර මුදා හැරීමට අමෙරිකානු හමුදාව පියවර ගනී
Local
29 April 2026