විදුලි ගාස්තු සියයට 18ක ප්‍රතිශතයකින් ඉහළ දැමීමට ජාතික පද්ධති මෙහෙයුම් පුද්ගලික සමාගම ඉල්ලුම් කළ ද, රජය විසින් රුපියල් බිලියන 15ක සහනාධාරයක් ලබාදෙන බවට මහා භාණ්ඩාගාරය විසින් මහජන උපයෝගීතා කොමිසමට දැනුම් දී තිබෙනවා.
හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී එහි සන්නිවේදන අධ්යක්ෂ ජයනාත් හේරත් සඳහන් කළේ, මේ හේතුවෙන් විදුලි ගාස්තු වැඩි වුවද පාරිභෝගිකයින් සියයට 95කට ගාස්තු වැඩි කිරීමක් අවශ්‍ය නොවන බවට කොමිසම නිර්දේශ කර ඇති බවයි.
විදුලි ගාස්තු සියයට 18ක ප්‍රතිශතයකින් ඉහළ දැමීමට ජාතික පද්ධති මෙහෙයුම් පුද්ගලික සමාගම, නව යෝජනාවක් මහජන උපයෝගිතා කොමිසමට යොමු කර තිබුණේ පෙරේදා දිනයේදීයි.
වසරේ දෙවන සහ තෙවැනි කාර්තු සදහා බලපැවැත්වෙන පරිදි එය ඉදිරිපත් කර තිබුණා.
මීට පෙර, එනම් පසුගිය 6 වැනිදා ද ජාතික පද්ධති මෙහෙයුම් පුද්ගලික සමාගම මෙම වසරේ දෙවන කාර්තුව සඳහා සියයට 15ක පමණ විදුලි ගාස්තු ඉහළ දැමීමක් යෝජනා කරමින් මහජන උපයෝගිතා කොමිසම වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා.
කෙසේ වෙතත්, ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් දෙවන කාර්තුවේ පැවති රුපියල් බිලියන 31ක හිඟය මේ වනවිට රුපියල් බිලියන 38 දක්වා ඉහළ ගොස් ඇති බවයි නව යෝජනාවෙන් ජාතික පද්ධති මෙහෙයුම් පුද්ගලික සමාගම දැනුම් දී ඇත්තේ.
ඒ අනුව යෝජිත විදුලි ගාස්තු සංශෝධනයට අදාළව උපදේශන පත්‍රිකාවක් මහජන උපයෝගීතා කොමිසම මේ වනවිට නිකුත් කර තිබෙනවා.
මෙම උපදේශන පත්‍රිකාව පරිශීලනය කර සියලුම පාර්ශවයන්ට ලබන මස 06 වනදා වැනිදා අදහස් හා යෝජනා ඉදිරිපත් කළ හැකියි.
ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් තීරණය, ලබන මස 09 වැනිදා මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කරනු ඇති.

Latest News
අකුණු අනතුරු ගැන අවවාදාත්මක නිවේදනයක්
Local
29 April 2026
තරුණ සැමියාට දිවි එපා කරවූ බිරිඳකට ඇප
Local
29 April 2026
මාතර සමුපකාර රෝහල රත් කළ සිද්ධියට සභාපති ඇතුළු 05ක් අත්අඩංගුවට
Local
29 April 2026
අභාවප්‍රාප්ත සිරි සුමන ගොඩගේ අවසන් කටයුතු සෙනසුරාදා
Local
29 April 2026
සිසුවෙක්ට පහරදුන්නැයි විදුහල්පතිවරයෙකුට ඇප
Local
29 April 2026
නව ජනතා පෙරමුණ නායක සුගීෂ්වරගෙන් සහ මුදල් අමාත්‍යාංශ ලේකම්ගෙන් පොලිසියට පැමිණිලි
Local
29 April 2026
ප්‍රීමා තිරිඟු පිටි මිල රුපියල් 4කින් ඉහළට - බේකරි නිෂ්පාදනවල මිලෙහි වෙනසක් නෑ
Local
29 April 2026
ආහාර සුරක්ෂිතතාව ජාතික ආරක්ෂාවේ වැදගත් කොටසක්: අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
Local
29 April 2026
විදුලි පාරිභෝගිකයින්ට මහා භාණ්ඩාගාරයෙන් බිලියන 15ක සහනාධාරයක්
Local
29 April 2026
මාලදිවයිනේ සහ වියට්නාමයේ ජනාධිපතිවරුන් මෙරට සංචාරයක
Local
29 April 2026