වයස අවුරුදු 12 ක්වූ මන්ද මානසික සිසුවෙකුගේ කන් බෙරයට හානි වන ලෙස පහර දුන් බව කියන තලහිටිය විදුහලේ විදුහල්පතිවරයා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
මෙම සිද්ධියට අදාල පැමිණිල්ලකට අනුව සැකකාර විදුහල්ලපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ තෙබුවන පොලිසිය මගින්.
මෙසේ ඇප මත මුදාහැර ඇත්තේ හොරණ, දොඹගොඩ පදිංචිකරුවෙකුවූ 55 හැවිරිදි අයෙක්.
පාසැල් වාරය පටන් ගත් ඉකුත් 20 වැනිදා සිදුවූ බව කියන මෙම සිද්ධියෙන් පසු මෙම සිසුවා 21 වැනිදා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණා.
රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි හේමන්ත හරිස්චන්ද්‍ර සිල්වා විසින් දරුවා පරික්ෂා කරන ලදුව දකුණු කන් බෙරයට හානිවී ඇති බවට වාර්තා කර තිබූ බවට පොලිසිය පවසනවා.
ඒ අනුව, නීතිඥ අචල වික්‍රමාරච්චි මහතා මගින් පොලිසියට ඉදිරිපත්වූ සැකකාර විදුහල්පතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම සිසුවා පංති භාර ගුරුතුමිය දෙසට කේක් එකක් විසි කරනවා දුටු තමා ඔහුට අවවාද කළා මිස පහරදීමක් සිදු නොකළ බවයි.
මෙහිදී වරද පහදාදී පොලිසිය ඔහු අත්අඩංගුවට ගත් අතර ඊයේ (28) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස ඇප මත මුදා හැරුණා.
තෙබුවන පොලිසියේ විවිධ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ගමගේ ඇතුළු නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුර පරික්ෂණ පැවැත්වුවා.
Latest News
අකුණු අනතුරු ගැන අවවාදාත්මක නිවේදනයක්
Local
29 April 2026
තරුණ සැමියාට දිවි එපා කරවූ බිරිඳකට ඇප
Local
29 April 2026
මාතර සමුපකාර රෝහල රත් කළ සිද්ධියට සභාපති ඇතුළු 05ක් අත්අඩංගුවට
Local
29 April 2026
අභාවප්‍රාප්ත සිරි සුමන ගොඩගේ අවසන් කටයුතු සෙනසුරාදා
Local
29 April 2026
සිසුවෙක්ට පහරදුන්නැයි විදුහල්පතිවරයෙකුට ඇප
Local
29 April 2026
නව ජනතා පෙරමුණ නායක සුගීෂ්වරගෙන් සහ මුදල් අමාත්‍යාංශ ලේකම්ගෙන් පොලිසියට පැමිණිලි
Local
29 April 2026
ප්‍රීමා තිරිඟු පිටි මිල රුපියල් 4කින් ඉහළට - බේකරි නිෂ්පාදනවල මිලෙහි වෙනසක් නෑ
Local
29 April 2026
ආහාර සුරක්ෂිතතාව ජාතික ආරක්ෂාවේ වැදගත් කොටසක්: අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
Local
29 April 2026
විදුලි පාරිභෝගිකයින්ට මහා භාණ්ඩාගාරයෙන් බිලියන 15ක සහනාධාරයක්
Local
29 April 2026
මාලදිවයිනේ සහ වියට්නාමයේ ජනාධිපතිවරුන් මෙරට සංචාරයක
Local
29 April 2026